IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මාළිගාවත්තට එන වකුගඩු රෝගීන් පැය ගණන් රස්තියාදුවේ

බිඟුන් මේනක ගමගේ 

මාළිගාවත්ත වකුගඩු මධ්‍යස්ථානයේ රුධිර කාන්දුකරණයට පැමිණ පැය ගණනක් තිස්සේ එහි පිටත රැඳී සිටින්නට සිදුවීම නිසා තමන් දැඩිසේ අසරණභාවයට පත්ව ඇතැයි එම රෝගීහු පවසති.

විෂබීජවලින් ආරක්ෂා කරගත යුතු සංවේදී රෝග ප‍්‍රජාවක් වුවත් මාලිගාවත්ත වකුගඩු මධ්‍යස්ථානය අවට අනාරක්ෂිත පරිසරයකට විවෘත වීම නිසා සිය ජීවිත අවදානමට පත්ව ඇතැයි ද ඔවුහු පවසති.

වෙනදා සිදුකළ කාන්දුකරණ කටයුතු කොවිඞ් 19 වයිරසය හේතුවෙන් රාත‍්‍රී කාලයේ ද දැන් ක‍්‍රියාත්මක යැයි පවසන ඔවුහු මේ නිසා ඇතැම්විට රෝගීන්ට තමාට ලබා දී ඇති වේලාව පසු වී පැය ගණනක් ගත වී පසු දිනය වනතුරු ද එහි පිටත රැඳී සිටීමට සිදුව ඇතැයි චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා දුරකථනයට සම්බන්ධ කරගැනීමට අවස්ථා කීපයකදීම උත්සාහ කළ ද සාර්ථක නොවීය.

අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පිළිතුරු දුන් නිලධාරියකු පැවසුවේ අධ්‍යක්ෂවරයාගෙන්ම මිස වෙනත් අයකුගෙන් විමසීමෙන් පලක් නැති බවය.

මෙම තත්ත්වය දරුණු වී ඇත්තේ රෝගීන්ට වකුගඩු මධ්‍යස්ථානයට සිය කාන්දුකරණ කටයුත්තට අදාළ වේලාව නිසියාකාරව සන්නිවේදනය නොකිරීමෙන් යැයි ද මෙය තනිකරම එහි පරිපාලන ගැටලූවක් යැයි ද එම මධ්‍යස්ථානයේ නිලධාරියෙක් පැවැසීය.

රුධිර කාන්දුකරණයට පැමිණෙන රෝගීන්ට කාන්දුකරණයට අදාළ වේලාව හරියාකාරව දැනුම් දීමේ සන්නිවේදන ක‍්‍රමයක් සකසාගැනීමෙන් පහසුවෙන්ම මීට විසඳුමක් දිය හැකිව තිබියදී පරිපාලනය එය නොතකා හැරීමෙන් වකුගඩු රෝගීන්ගේ ජීවිත නිකරුණේ අනතුරේ හෙලා ඇතැයි ද එම නිලධාරියා කීය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු යැයිද එසේ නොවුවහොත් කොවිඞ් නොවන මරණ නිසා රෝගී ජීවිත නිකරුණේ බිලිදීමක් සිදුවනු ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

මාළිගාවත්තට එන වකුගඩු රෝගීන් පැය ගණන් රස්තියාදුවේ

විජිත් Tuesday, 12 May 2020 09:50 AM

අමතක කරන්න එපා. අපි දුප්පත් රටක්. සමාවෙන්න දේශපාලුවන් විසින් දුප්පත් කළ රටක්. !!! අපි පරිසරයත් සුරකිමු..

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site