තරංග ගුණරත්න
පවතින ඇඳිරි නීතිය සහ සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් මත්පැන් සාදයක් පැවැත්වූ බව කියන තරුණයන් හය දෙනෙකු හක්මණ වෙිපතඉර ප්‍රදේශයේදී අද (01 ) දින පස්වරුවේදි අත්අඩංගුවට ගත් බව හක්මන පොලිසිය කියයි
හක්මණ උතුර පෙදෙසේ නිවසක කාමරයක් තුළ මත්පැන් සාදයක් පවත්වන බවට හක්මන පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
ඇඳිරි නීතිය සහ සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් මත් පැන් සාදයක් පැවැත්වූ බව කියන එම නිවසෙහි තරුණයා ඇතුළු තවත් තරුණයන් පස්දෙනෙකු මෙහිදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එම අවස්ථාවේ මෙරට නිෂ්පාදිත මත් පැන් බෝතල් එකක් සහ හිස් බෝතල් තුනක් එම ස්ථානයේ තිබී හමුවී අැත.
එම තරුණයන් 20 - 30 අතර වයසේ පසුවන බව පොලිසිය කියයි. සැකකාර තරුණයන් හයදෙනා හෙට (2 ) දින දෙයියන්දර අධිකරණයට ඉදිරිපත් ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ විකාර කර කර පස්සේ ලෙඩ බෝ කරලා, නීතිය තුට්ටුවකට ගණන් ගන්නෙ නැතුව කොරෝනා ගාණ වැඩි උනාම ආණ්‌ඩුවට, දොස්තරලාට බනිනවා.
පව් අහිංසක මිනිස්සු...