කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් රෝහින්‍යා සරණාගත ප්‍රජාව වෙසෙන කඳවුරු පිහිටි බංග්ලාදේශයේ කොක්ස් බසාර් දිස්ත්‍රික්කය අගුලු දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.
එරට දකුණු ප්‍රදේශයේ පිහිටි මෙම දිස්ත්‍රික්කයේ මියන්මාරයෙන් පලා ආ රෝහින්යා සරණාගත වැසියෝ මිලියනයකට අධික සංඛ්‍යාවක් වාසය කරති.
දිස්ත්‍රික්කය අගුලු දැමීමත් සමග කිසිවෙකුට ඊට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට ඉඩ නොදෙන බව බලධාරීහු පවසති.
මේ වන විට කිසිදු කඳවුරකින් කොරෝනා වෛරසය ආසාදිතයින් වාර්තා වී නොමැත.
එසේ වුවත් අඩු සෞඛ්‍ය පහසුකම්වලට පාලනය කළ නොහැකි ලෙස වෛරසය පැතිරී යනු ඇතැයි ආධාර ලබාදෙන ආයතනවල නියෝජිතයෝ බියෙන් පසුවෙති.
සරණාගතයින් බොහෝ පිරිසක් 2017 වසරේදී මියන්මාරයේ සිදුවූ හමුදා මර්දනය හේතුවෙන් පැමිණි පුද්ගලයෝ වෙති.
පුද්ගලයින් 750,000 කට අධික සංඛ්‍යාවක් දේශසීමාව තරණය කර බංග්ලාදේශයට පැමිණ එරට පදිංචිව සිටි සරණාගත ප්‍රජාව සමග ජීවත් වීමට පටන්ගෙන තිබේ.
බංග්ලාදේශයෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 330 දෙනෙකු වාර්තා වේ.
වෛරසය හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු මේ වන විට මරණයට පත්වී ඇති අතර සුවය ලැබූ සංඛ්‍යාව 33 ක් වෙයි.
(බීබීසී ඇසුරෙනි)
-226-
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බංග්ලාදේශයේ රෝහින්‍යා කඳවුරු ප්‍රදේශ අගුලු දමයි
නොකවුට් Thursday, 09 April 2020 02:35 PM
බංග්ලාදේශයෙන් මියන්මාරයට පැනල මියන්මාර් හමුදාව නැවත බංග්ලාදේශයට යවපු අය මිසක් මියන්මාර් හමුදාව මර්දනය කරලා කියන කතාව වැරදියි.
GiripuraFriday, 10 April 2020 01:01 AM
ඒ වුනාට උන් කියන්නේ මියන්මාරේ ලොව පහල වූ දවසේ ඉඳන් එහේ ජීවත් වුනා කියලා. මේ තිරිසන්නු අහිංසක බෞද්ධ ගම්මාන වලට පැනල ගම් පිටින් කපන එක ගැන ජාත්‍යන්තර මාධ්‍ය කට හොල්ලන්නේ නෑ. හැබැයි මියන්මාර ආණ්ඩුව ඒකට විරුද්ධව කටයුතු කරනකොට රෙද්ද කරේ තියන් එන්නේ. හරියට ලංකාවේ එල්.ටී.ටී.ඊ. එක මිනී මරනකොට, ලමා සොල්දාදුවො හදනකොට මීක් නැතුව හිටපු බටහිර මාධ්‍ය, හමුදා මෙහෙයුමකින් උන් විනාශ වෙනකොට රෙදි උස්සන් ආව වගේම තමයි.
SamanFriday, 10 April 2020 01:44 AM
මොවුන් ඉතාම කලහකාරී සහ අන්තවාදීව ක‍්‍රියා කරමින්, බෞද්ධ ජනතාවට හිරිහැර කරන්න පටන් ගත්තා... ඒ ඔස්සේ තමයි මියන්මාර් හමුුදාව මැදිහත් වුණේ.. ඔවුන් බංග්ලාදේශයටත් ප‍්‍රශ්නයක් වුණා...
ප්‍රසන්න Saturday, 11 April 2020 12:47 AM
මෙහි තියන අදහස් නිවැරැදියි. මොවුන් බංග්ලාදේශයෙන් මියැන්මාරයට කඩා පැන්නෙ කවදා හෝ එහිද වෙනම රාජ්‍යයක් පිහිටුවීමට. ඒ වෙනුවෙන් ත්‍රස්ත සංවිධානයක්ද හැදුනා. වරින්වර කලබල කරමින් එක් වරක් පොලිස් නිලධාරීන් කිහිපදෙනක්ම මරා දැම්මා. එයට මියන්මාරය අමතක නොවෙන්නම පිලිතුරු දුන්නා. අවුන්සාන් සුකී ද නිර්භීතව රට වෙනුවෙන් සිටි පසුබිමක මොවුන් බංග්ලාදේශයට පලා ආවා.