බංග්ලාදේශයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (18) ලක්ෂය ඉක්මවා ගියේය.
මේ අනුව බංග්ලාදේශයෙන් අද (18) පස්වරු වනවිට වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,02,292ක් ලෙස දැක්විණි.
බංග්ලාදේශයෙන් පළමු වරට නව කොරෝනා වයිරස ආසාදිතයකු හමුවූයේ මාර්තු මස 8 වැනිදා ය.
අවසන් පැය 24 දී බංග්ලාදේශයෙන් නව කොරෝනා ආසාදිතයන් 3,803දෙනකු හමුවූයේ යැයි ද එරට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් නසීම් සුල්තානා ප්‍රකාශ කළාය.
බංග්ලාදේශයේ ඩකා අගනුවර පැවැති මාධ්‍ය හමුවකදී ඇය ඒ බව ප්‍රකාශ කළාය.
ඉන්දියාව සහ පාකිස්තානයට පසු නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ දකුණු ආසියානු රට බවට පත්ව ඇත්තේ ද බංග්ලාදේශයයි.
අවසන් පැය 24 දී කොරෝනා ආසාදිත මරණ 38ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 1,343ක් දක්වා ඉහළ ගියේය.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd