IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් කොරෝනා ආසාදිත මරණ 2,000ක්

ඉන්දියාවෙන් අද (17) පස්වරුවෙන් අවසන් වූ පැය 24  කාලයේදී කොරෝනා ආසාදිත මරණ 2,000ක් වාර්තා වියපැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණන එය වූ අතර එම සංඛ්‍යාව 2, 003ක් ලෙස දැක්විණි.
 
ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 11,903ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,54,065කි. එරට විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ ගණන 1,55,227ක් වන අතර වයිරසය ආසාදනය වූ සුව වූ ගණන 1,86,935කි.

ලොව සිවුවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද අසල්වැසි ඉන්දියාවෙනි.

ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,13,445ක් විය. තමිල්නාඩු ප්‍රාන්තයෙන් ආසාදිතයන් 48,019දෙනකු, දිල්ලියෙන් ආසාදිතයන් 44,688 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 24,577 දෙනකු හඳුනාගෙන තිබිණි.
 
එන්.ඩී.ටීවී.
 
055



අදහස් (2)

පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් කොරෝනා ආසාදිත මරණ 2,000ක්

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 June 2020 01:45 PM

අප ඉතාමත්ම පරිස්සම් විය යුතුයි.. මන්ද යත්, අපට ඉතාමත්ම කිට්ටුවෙන් තියන රට නිසා ... වැඩේ ආයෙත් උලාගත්තොත්, අපත්, රටත් සුනේ සුන් ...

:       4       22

isurandi Wednesday, 17 June 2020 01:58 PM

ඉන්දියාව මෙන්ම අසල්වැසි පාකිස්තානය, බංග්ලාදේශය යන රටවල දැන් තත්වය එච්චර හොඳ නැහැ. පරිස්සම් වෙන තරමට හොඳයි අපේ අයත්...

:       6       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site