IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ප්‍රශ්න කතා කරන්න සාකච්ඡාවක් ඉල්ලයි

(විනීතා එම් ගමගේ)

පෞද්ගලික අංශයේ සේවකයින් මුහුණ දී සිටින ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන මෙන් අන්තර් සමාගම් සේවක සංගමය කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් මුළු රටම තැති ගැන්වී ඇති අවස්ථාවක පෞද්ගලික අංශයේ සේවකයින් ද බරපතල ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටින බවත් සේවකයින් පමණක් නොව කර්මාන්ත ශාලා ද අර්බුදයකට මුහුණ දී සිටින බවත් හෙතෙම පෙන්වා දී තිබේ.

විශේෂයෙන් කම්කරුවන් ගේ මාසික වැටුප් ලබා ගැනීම පිළිබඳ ගැටළුව, වාර්ෂික ප‍්‍රසාද දීමනා පිළිබඳ ගැටළුව මෙන්ම අපේ‍්‍රල් සිට ක‍්‍රියාත්මක වීමට තිබූ වාර්ෂික වැටුප් වැඩිවීම පිළිබඳ ගැටළුව ද ඉක්මණින් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන් එහි සභාපති වසන්ත සමරසිංහ මහතා කම්කරු අමාත්‍යවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් වේ.

එමෙන්ම රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව පෞද්ගලික අංශයේ සේවක පිරිස්වල අවිනිශ්චිතතාවක් ඇතිවී ඇතැයි  පෙන්වා දෙන සමරසිංහ මහතා අනියම් තාවකාලික සහ මිනිස් බල සමාගම් හරහා සේවයේ යොදවා ඇති කොන්ත්‍රාත් සේවකයින් පිළිබඳ ගැටළුව ද සේවයට පැමිණිය හැකි වුවත් පැමිණීමට ක්‍රමයක් නැති සේවකයින් පිළිබඳ ගැටළුව ද බරපතල ලෙස වැඩකරන ජනතාවට පීඩා දෙන බව ද සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.

මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන හාම්පුතුන් පසෙ දනෙක් වෘත්තිය සමිති නියෝජනය කරමින් නියෝජිතයින් පස් දෙනෙක්, කම්කරු කොමසාරිස් ජනරාල් හා අමාත්‍යංශ ලේකම්වරයා සමඟ කඩිනම් සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් කැඳවන්නැයි ඔහු ඉල්ලා තිබේ.   



අදහස් (3)

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ප්‍රශ්න කතා කරන්න සාකච්ඡාවක් ඉල්ලයි

M.I.M JAFEER Thursday, 09 April 2020 10:00 AM

අනිවාර්යයෙන්ම සෙවිය යුතු ප‍්‍රශ්නයකි.

:       0       0

de silva Thursday, 09 April 2020 10:13 AM

හාම්පුතුන්ට පමණි නය සහන ඇතුළු විශාල දේවල් දුන්නේ , සේවකයන්ට මුකුත් නැත , හරිනම් කොරෝන ප්‍රශ්නය නිසා රැකියාව අහිමි වුන සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වුන සේවකයන්ට තත්වය සමනය වනතෙක් 60% වැටුපවත් ගෙවන්න රජය ක්‍රියා කල යුතුය. එම මුදල සේවකයන්ගේ පරිතොශිකයෙන් අඩු නොකළ යුතුය . ගිය අවුරුද්දේ බෝම්බ ප්‍රහාරයෙන් පසු යහපාලන ආණ්ඩුවත් හාම්පුතුන්ට විවිධ සහන දෙන්න කතාකළ මිස රැකියා අහිමිවුණා සේවකයන් ගැන ඇහැක් ඇරලවත් බැලුවේ නැත .මේ ගොල්ලත් යන්නේ එම මාර්ගයේ මය. ඊනියා සමාජවාදයක් ගැන කතා කරන වාසුල වැනි ආණ්ඩුවේ කොටස් කාරයන්ට වැඩකරන ජනතාව මතක් වෙන්න චන්දයක් එන්න ඕනේ එහෙම නැතිනම් මැයි පළවෙනිදා වෙන්න ඕනේ , මෙදාපාර කොරෝන නිසා රැලිය තියන්න බැහැ එමනිසා අවශ්‍ය වෙන්නේ චන්දෙට....

:       0       0

Lebbe Thursday, 09 April 2020 10:35 AM

අන්තරෙ සේවක සංගම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site