IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


නැවත ශ්‍රී ලංකාවට පැමිණිම ගැන යළි සිතා බලන්න

( තිළිණි ද සිල්වා )

කොරෝනා වසංගතය හමුවේ බලපෑමට ලක්වූ අවස්ථාවකදී හැර , නැවත මෙරටට පැමිණීමේ සැලසුම් පිළිබදව යළි සිතා බලන්නැයි විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විදේශයන් හි සිටින ලාංකික ශ්‍රමිකයින් ගෙන් හා සිසුන් ගෙන් ඉල්ලීමක් කර සිටී.

ලොව පුරා පවතින එම වසංගත තත්ත්වය හමුවේ  ශ්‍රී ලාංකිකයන් 38,000 කට වැඩි පිරිසක් ආපසු සියරට පැමිණීමට අපේක්ෂා කරන බවත්, එයින් 28,000 කට ලාංකික ශ්‍රමිකයින් යැයිද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දේ.
 
එබැවින් ලංකාවට ආපසු පැමිණීමට  සඳහා තීරණය කිරීමට පෙර, එසේ පැමිණීමෙන්  රැකියා හා අධ්‍යාපනය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සියුම්ව සලකාබලන ලෙස,  ශ්‍රමිකයන්ගෙන් මෙන්ම ශිෂ්‍යයින්ගෙන් සහ එම සිසුන්ගේ දෙමව්පියන් ගෙන්ද තමා  ඉල්ලා සිටින බවද හෙතෙම මේ අවස්ථාවේ දී රජයේ ප්‍රමුඛතාවය වන්නේ ආපසු පැමිණීමට අවශ්‍යතාවය පවතින හා ගැටලු රැසකට. මුහුණ පා සිටින මෙරට සංක්‍රමණික ශ්‍රමික කාණ්ඩය ආපසු රැගෙන ඒම යැයි ද අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දේ.
 
මෙම පිරිස් සතුව නීත්‍යානුකූලව එම රටවල රැදී සිීටීමට අවශ්‍ය වීසා හා අනෙකුත් ලිපි ලේඛණ නොමැති වීම නිසා  නීතිවිරෝධී සංක්‍රමණිකයන් බවට පත්ව ඇති අතර, ඔවුන් නීත්‍යානුකූල නොවීම හේතුවෙන් එම රටවල දී සෞඛ්‍ය පහසුකම් සහ වෙනත් කිසිදු පහසුකමක්  ලබා ගත නොහැකි තත්ත්වයට මුහුණ දී සිටින බවද රවිනාථ ආර්යසිංහ මහතා කියා සිටි.

එසේම රැකියාවෙන් නෙරපා හරින ලද බොහෝ දෙනෙකු ද එහි සිටින බැවින්  බොහෝ දුරට අසරණ වී ඇති මෙම පිරිස් පිළිබදව කටයුතු කිරීමෙන් අනතුරුව, ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන, එහෙත් රැකියා තිබෙන අය සහ හුදෙක් කොරෝනා අවදානම වළක්වා ගැනීම සඳහා නිවාඩුවට පැමිණීමට අපේක්ෂා කරන අය පිළිබඳව සලකා බැලිය හැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
ඒ නිසා විදේශයන්හි සිටින ලාංකික ශ්‍රමිකයින් ගෙන් හා  සිසුන් නැවත පැමිණීමෙන් සිදුවිය හැකි රැකියා අහිමිවීම හෝ අධ්‍යාපන අවස්ථා අහිමිවීම හෝ විශාල ප්‍රමාදයන් පිළිබඳව ප්‍රවේශමෙන් හා සියුම්ව සලකා බලන්නැයි විදේශ ලේකම්වරයා ඔවුන් ගෙන් ඉල්ලා සිටී.
 

 



අදහස් (11)

නැවත ශ්‍රී ලංකාවට පැමිණිම ගැන යළි සිතා බලන්න

Achini Tuesday, 19 May 2020 11:59 AM

මෙච්චර කල් හම්බකරලා ලංකාවට යවපු සල්ලිවලට තමයි ඔහොම කියන්නේ.., පුළුවන් තරම් අපෙනුත් හූරන් කාලා, දැන් කියනවා එන්න එපා කියලා...

:       4       105

අජිත් Tuesday, 19 May 2020 12:24 PM

රස්සාවේ කොන්ත්‍රාත් කාලය ඉවරයි නම් මොකද කරන්නේ?

:       2       1

Mr Don Tuesday, 19 May 2020 12:39 PM

මහලොකුවට කයිවාරුව විතරයි. රට ඉන්න අපි ලංකාවට ආවොත් ආණ්ඩුවේ අයට හිගා කන්න තමා වෙන්නේ.

:       5       104

sameera Tuesday, 19 May 2020 01:07 PM

ආවොත් රටේ අාදායම නැතිවෙනවා. සියුම්ව සලකා බලන්න. ආයේ කවදා යන්න වෙයිද දන්නේ නැහැ. නීතිවිරෝධීව හිටියත් අාදායම එන්නේ භාණ්ඩාගාරයට, අපි කියන්නේ ඔයාලාට තියන ආදරයට...

:       15       101

අසේල Tuesday, 19 May 2020 01:15 PM

ඔබතුමන්ලා නෙමෙයිනේ අපිට රැකියා සොයලා දුන්නේ. ඒ නිසා අපේ රැකියා ගැන අපි බලාගන්නම්. ඔබතුමන්ලා කලබල වෙන්න එපා. ලංකාවට එන්න ෆ්ලයිට් දාන්නකෝ අපිට නිවාඩු එන්න.

:       14       0

lal Tuesday, 19 May 2020 01:26 PM

ලේකම්තුමා, අපි දන්නවා දැන් තත්වය. ඔක්කොම කරන්නේ ජීවත්වෙන්න. සල්ලි හොයන්න පිට රට ඉඳන් අාපු අපිට කොරෝනා නැතත් තිබුණු ආණ්ඩුවල සැලකිල්ල ගැන අත්දැකීම් එමටයි. වැඩට ආව අය දන්නවා... ගියොත් කෙලවෙනවා කියලා. එ් නිසා තමා ලක්ෂ ගාණකින් 26000ක් විතරක් ලංකාවට එන්න ඉල්ලා තියෙන්නේ. ප්ලේන් වැඩ නම් අපි අාවා ගියාද කියලාවත් ඔයාලා දන්නේ නැහැ. විදේශ සේවා එකේ අර ගැහැණු කෙනා විතරක් දන්නවා එයා අර මුද්දරේ දිනේ සොයන නිසා. අපි මෙච්චර කල් රටට බරක් වුනේ නැහැ... අඩු ගානේ විදේශ සේවා ගාස්තු ගෙවන පාස්පෝර්ට් කොපියටවත්. ඒ අය එ්කත් ගේන්න කියනවා පිටින්...

:       17       129

indika Tuesday, 19 May 2020 02:10 PM

හැමෝම උත්සහ කරන්නේ රට ඉන්න මිනිස්සුන්ව නොගෙන්වා, රටේ ඉන්න ලෙඩ්ඩු හංගලා, රට දැන් කොරෝන ප්‍රශ්නය ඉවරයි කියල චන්දයකට යන්න. ජනතාවට චන්දයක් ඕන නැහැ. ඉස්සෙල්ලා මේ අසරණ මිනිස්සු බේරගන්න ලංකාවට ගෙනල්ලා. පස්සේ ඔයාලගේ චන්ද තියාගන්න.

:       8       164

සනත් ඉතාලිය Tuesday, 19 May 2020 02:25 PM

එතකොට නීත්‍යානුකූලව වසරකට වරක් අපට ලැබෙන නිවාඩුවට දරුවො බිරිද දෙමාපියෝ බලන්න එන්න ඉන්න අපි එන්න එපාද ? කොරෝනා දරුණුවටම තියෙනකොටත් ලංකාවට නෑවිත් මෙහේ නතර උනේ මගේ රටට කොරෝන ගෙනියන වාහකයෙක් නොවී හැමෝම ආරක්ෂා වෙමු කියන ප්‍රතිපත්තියෙන්. කොළඹට කිරි .....කට්ටියගේ දරුවෝ, ඥාති ජීවත්වෙන්න සුදුසුද කියලා බලන්න. ඔය රට සිතියමේ තියන පැත්තවත් බලලා බත් කටක්වත් කන්නෙ නැහැ කියපු හැමෝම දැන් ඇවිත් ඉවරද ? දැන් ගෙන්න ගන්න අවශ්‍ය ඔක්කොම ගෙන්නගෙන ඉවරද ?

:       20       104

Rouhitha Wednesday, 20 May 2020 01:44 AM

ඔව් ඉතින් අවශ්‍ය කට්ටිය එංගලන්තයේ ගෙන්න ගත්තනේ....

:       13       111

shantha -Qatar Thursday, 21 May 2020 11:54 AM

කියන්න දෙයක් නැහැ. දුකයි අපට සලකන හැටියට... තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්.. නැත උන් රට අතැර ගොසින්...

:       1       106

Rata Perata Friday, 22 May 2020 06:12 AM

හැම රටේම වීසා ඉවර සංක්‍රමිකයන් නීති විරෝධී කරලා නෑ, තාවකාලිව අවසර දීල තියෙනවා. මෙයාලා මෙතන ඉඳගෙන බයිලා කියනවා. මේවට ඉස්සරවෙලා අර හිතවතියකට බෙහෙත් ගන්න ඇමෙරිකා යන්න අපේ සල්ලි ලක්ෂ ගානක් නීති විරෝධීව අනුමත කලේ ඇයි කියල කියනවද? මහජන මුදල් කන කෙනෙක් වෙන්නේ නැතුව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site