IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


දුම්රිය හා බස් රථ ධාවනය‍ කොන්දේසි හා සීමා යට‍තේ

(ඩයනා උදයංගනී)

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මාසයක පමණ කාලයක් තිස්සේ සම්පූර්ණයෙන්ම නවතා දැමුණු දුම්රිය හා බස්රථ ධාවනය හෙට (20) සිට ආරම්භ කෙරෙන්නේ දැඩි කොන්දේසි හා සීමා යටතේ බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරත හා විවෘත කෙරෙන කාර්යාලවල සේවකයන් සඳහා මෙම පොදු ප්‍රවාහන සේවාවන් ආරම්භ කෙරෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව එක් බස් රථයක ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 25කටත්, දුම්රිය මැදිරියක ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 50කටත් සීමා කර තිබේ.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ ධාවනය කෙරෙන සියලු බස්රථ විෂබීජ හරණයට ලක්කර ධාවනය කෙරෙන බවයි.

බස් රථයක ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව ගමන් කළ හැක්කේ සමස්ත මගී ධාරිතාවයෙන් සියයට 50කට පමණක් බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම දුම්රිය ස්ථානවලට ඇතුළු වන හා දුම්රියේ ගමන් කරන මගීන් වුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර දුම්රිය ස්ථාන තුළ, මැදිරි තුළ හා දුම්රිය මාර්ගයට කෙළ ගැසීම සම්පූර්ණයෙන් තහනම් බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.

එම කරුණු පිළිනොපදින පුද්ගලයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම දුම්රිය තුළ සිඟමන් යැදීම සහ අනවසර වෙළඳාම ද තහනම් කර ඇති අතර එලෙස වෙළඳාම් කරන අයගෙන් භාණ්ඩ මිලදී ගන්නා අයද දුම්රියෙන් ඉවත් කරන බව දුම්රිය ගමනාගමන අධිකාරීවරයා කීවේය.

කැස්ස, උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්‍ෂණ ඇති අය දුම්රියෙන් ගමන් නොකරන්නැයි ඉල්ලීමක් කරන බව ද ඔහු පැවසීය.
 



අදහස් (1)

දුම්රිය හා බස් රථ ධාවනය‍ කොන්දේසි හා සීමා යට‍තේ

Siri Sunday, 19 April 2020 01:33 PM

ප්‍රස්නයක්. තව සති දෙකකින් රාමසාන් උපවාසය පටන් ගන්නවා. එතකොට මුස්ලිම් අයට කෙල ගිලින්ඩද කියන්නේ? දැම්මම කොච්චිවලයි, බස්වලයි, ප්‍රසිද්ද ස්ථානවලයි තියන්ඩ පඩික්කම් ඔර්ඩරයක් දාන්ඩ වේවි... ටෙන්ඩරය කාටද දෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 145 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site