IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන්නැයි ජලාපවාහන මණ්ඩලෙන් උපදෙස්

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
කොරෝනා වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින් ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන්  ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය උපදෙස් ඇතුළත් නිවේදනයක් නිකුත් කර තිබේ.
 
ඒ අනුව, වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා අත්සේදීමේදී ජල කරාම බොහෝවේලාවක් විවෘතව තබා නොගත යුතු බවද, ගහකොළවලට වතුර දැමීමේදී විකල්ප ක්‍රම කරා යොමුවිය යුතු බවද ජල සම්පාදන මණ්ඩලය මහජනයාට දැනුම් දෙයි.
 
පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජල මට්ටමද පහත බසමින් තිබුණද, ජල සැපයුම සීමා නොකර අඛණ්ඩව ජලය ජනතාවට සැපයීමට සිදුවේ. ඒ අනුව, පිළිගත් ප්‍රමීතීන්ට අනුව පිරිපහදු කර යන්ත්‍ර සහ මානව සම්පත් යොදාගනිමින් සැපයෙන ජලය අපතේ නොයවා පරිහරණය කළ යුතු බව නිවේදනයේ දැක්වේ.
 
රට පවතින මෙම තත්වයේදී පිරිසිදු පානීය ජලය පරිහරණය කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බැවින් සියලු පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලීමක් කරයි.
 
එමෙන්ම, ජල සම්පාදනය පිළිබඳ සියලු තොරතුරු, හදිසි බිඳ වැටීම්, ජල බිල්පත් පිළිබඳ නවතම තොරතුරු, කෙටි පණිවිඩි ඔස්සේ ලබාගත හැකි බවද, ඒ සඳහා 0719399999 අංකයට ජල බිල්පතේ ගිණුම් අංකය කෙටි පණිවිඩයකින් යොමුකර ලියාපදිංචි විය හැකි බවද නිවේදනයේ දැක්වේ.



අදහස් (0)

ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන්නැයි ජලාපවාහන මණ්ඩලෙන් උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site