නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු රටටම බලපවත්නා පරිදි හෙට (21) ඇඳිරි නීතිය පැනවීමට ජෝර්දානය පියවර ගෙන ඇත.
ජනතාවගේ ගමන් බිමන් සීමා කිරීමේ අරමුණින් විශේෂ ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගන්නා බව ජෝර්දාන රජයේ ප්‍රකාශක අම්ජාඩ් අල් අදෙයිලා පැවසීය.
ඒ අනුව හෙට (21) උදෑසන 7 සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව හෙතෙම කීය.
ජෝර්දානයේ අබ්දුල්ලා රජු හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව යුද්ධයක් පවතින අවස්ථාවකදී හෝ ව්‍යසනකාරී තත්ත්වයකදී හෝ මෙන් විශේෂිත ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන්ට බලය හිමි වේ. මේ අනුව හමුදා ඇඳිරි නීතිය පැනවීමට ද හැකියාව ඇත.
රොයිටර්ස්/ඒ.එෆ්.පී
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ අනිත් රටවලුත් කරන්නේ මේකමයි හැබැයි මෙහෙ ඉන්න සමහර අයගේ මානසිකත්වය, මෙහෙ ඔය දේ කරාම ඒක ටත් දොස් කියනවා