IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ගුවන්තොටුපලේ තීරු බදු සාප්පු හා සේවා සපයන ආයතනවල මාස තුනක කුලී මුදල් අය නොකෙරේ

( තිළිණි ද සිල්වා )

කො⁣රෝනා  වසංගතය හේතුවෙන් ගුවන්තොටුපළ වසා දැමීම නිසා තීරු බදු සාප්පු ඇතුළු ගුවන් තොටුපළ සේවා සපයන ආයතනවලින් මාස 03 ක මාසික කුලිය අය නොකිරීමට රජය තීරණය කල බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය කියා සීටි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මෙම තීරණයට එළැඹ ඇත.

කටුනායක ගුවන් තොටුපළේ සේවා සපයනු ලබන ආයතන හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පසුගිය දා (15) පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට ගෙන ඇති බවද එම අමාත්‍යාංශය කියා සිටී.

මේ අනුව පිටවීමේ හා පැමිණීමේ පර්යන්තයේ ඇති තීරු බදු රහිත සාප්පු, සේවා ආයතන හා සංචාරක සේවා කුටි වලින් මාස 03 ක කාලයක් මාසික කුලිය අය නොකෙරන අතර එය මේ වසරේ මාර්තු 19 සිට මාස 03ක කාලයකට වලංගුවේ. ඊට අමතරව ගුවන් තොටුපළ තුළ සිය සේවා කුටි පවත්වා ගෙන යනු ලබන ගුවන් සමාගම්වලින් 2020 අප්‍රේල් මාසයේ සිට මාස 03 ක කාලයක් සදහා මාසික ගාස්තු අය නොකෙරෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දේ.

මීට අමතරව ගුවන්තොටුපළ භාණ්ඩ ගබඩා කර තැබීමේ (Cargo) පහසුකම් ලබා ගන්නා ආයතනවලින් අප්‍රේල් මාසයේ සිට මාස 03ක කාලයක් සදහා ඔවුන්ගේ මාසික ගාස්තුවෙන් සියයට 50 ක් පමණක් අය කිරීමට ද තීරණය කර තිබේ. 

රත්මලාන ගුවන් තොටුපළේ ගුවන් යානා අංගනයේ ගුවන් යානා නතර කර තැබිමේ ගාස්තු ද 2020 මාර්තු 19 සිට මාස 03 ක කාලයක් සදහා අය නොකිරිමට ද රජය තීරණය කර ඇත.

මාස 03 ක මෙම සහන කාලයෙන් පසුව මෙම සහන තවදුරටත් ලබා දෙනවද නැද්ද යන්න පිළිබද ව නැවත සලකා බලන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.

 මේ වන විට කටුනායක ගුවන් තොටුපළ මෙහෙයුම් ආරම්භ කිරීමට සුදානම් වුව ද සංචාරක, ගුවන් සේවා වැනි ක්ෂේත්‍ර  යථා තත්ත්වයට පත් වීම සදහා තවත් කාලයක් ගතවනු ඇත. මේ නිසා මෙම සහන සම්බන්ධයෙන් ජුනි මාසයේ දී නැවත සලකා බැලීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දේ.



අදහස් (1)

ගුවන්තොටුපලේ තීරු බදු සාප්පු හා සේවා සපයන ආයතනවල මාස තුනක කුලී මුදල් අය නොකෙරේ

AjithD.L Monday, 18 May 2020 09:44 AM

තීරු බදු සාප්පු නම් වහලම දාන්න , කිසිම රහක් නැහැ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 144 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 992 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site