(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා මර්දනය සදහා ගෙන ඇති ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය කැබිනට් මණ්ඩලයට අද (29) පැයක පමණ පැහැදිලි කිරීමක් කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි අංශයේ ඉහළ නිලධාරීන් පැමිණ කොරෝනා මර්දන වැඩසටහන ගැන ඇමැතිවරුන් දැනුවත් කර ඇත.
කොරෝනා මර්දනය සදහා රජයත්, රාජ්‍ය බුද්ධි අංශයත්, ආරක්‍ෂක අංශ, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු අනෙකුත් අංශත් පසුගිය කාලය පුරා ගෙන ගිය වැඩපිළිවෙල සාර්ථක වී ඇති බවත්, ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ඇත්තේ ඒ නිසා බවත් බුද්ධි අංශ නිලධාරීන් එහිදී පැහැදිලි කළ බව කැබිනට් ප‍්‍රකාශක සහ උසස් අධ්‍යාපන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
කොරෝනා මර්දනය ව්‍යාප්තිය පාලනය කර තිබියදී ජා ඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ ඇතිවූ තත්ත්වයක් මත නැවත ව්‍යාප්තවීමක් සිදුවූ බවත් වැලිසර නාවික හමුදා සාමාජිකයන්ට කොරෝනා වැළදීමට එය හේතුවක් වූ බවත් බුද්ධි අංශ නිලධාරීන් එහිදී පැහැදිලි කළ බවද ඇමති ගුණවර්ධන මහතා කීවේය.
ලංකාවේ පළමු කොරෝනා රෝගියා හමුවීමේ සිට අද (29) දක්වා කාලය තුළ මෙරටින් කොරෝනා රෝගීන් හමුවීම, ඔවුන් සොයාගැනීම, බුද්ධි අංශ ගත් ක‍්‍රියාමාර්ග ආදිය ද එහිදී පැහැදිලි කර ඇත.
කොරෝනා ව්‍යාප්තිය මේ වන විට යම් පමණකින් පාලනය වී ඇතැයි බුද්ධි අංශ නිලධාරීන් පෙන්වා දුන් බවද ඇමතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඒ දරුණු සුදුවැල්ලේ අතපසුවීම උනේ නැත්නම් අද අපි හොඳ තැනක...
නාවික හමුදා සෙබළුන්ට මෙය අසාදනය වීම වලක්වා ගත හැකි වුයේ නම් ලංකාව කොරෝන වැලැක්වීම අතින් මීට වැඩ ඉදිරියෙන් සිටීමට ඉඩ තිබුණි.
කොරෝනා ගැන කතා කල යුත්තේ සෞඛ්‍ය අංශ සමග මිස ආරක්ෂක අංශ සමග නොවේ. කොරෝනා ගැන හෝ එහි ව්‍යාප්තිය ගැන හෝ බුද්ධි අංශ දන්නා දෙයක් නැත. ඒවා ගැන විමසිය යුත්තේ විද්‍යාත්මක කරුණු පදනම් කොටගත් අංශ සමගය. එහෙත් මෙවැනි අයඉන්න ඕනෑම මන්ඩලයකට එයිට වඩා කල හැකි යමක් නැත. තේරෙන්නේද නැත.
මේ කථාව මට කිව්වේ මගේ ලොකු තාත්තා. ඒ කියන්නේ මගේ තාත්තගේ ලොකු අයියා. මට මතක විදියට අවුරුදු 45 කට විතර එහා. මගේ ලොකු තාත්තා තනිකඩයි. ඔහු හිටියේ වෙනම ගෙයක; ලොකු ගෙයක් නෙවෙයි ; ඒක පොල්ලතු පැළක්. අපේ ගෙදරින් තමයි ඔහුට කෑම ගෙනිහින් දෙන්නෙ .එහෙම යන වෙලාවට මට මේවගේ කථාන්තර කියනවා. මට මේ කතාව මතක් වුනේ කොරෝනා පටන් ගත්ත කාලෙමයි .
බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදාව නොසිටින්නට අද ලංකාව ඇමරිකාවට වඩා අන්ත වෙලා. ලංකාව ඕස්ට්‍රේලියාව, නවසීලන්‍තය වගේ රටවල් තමන්ගේ හමුදාවල් සක්‍රීයව යොදවලා කොරෝනා පාලනය කරනවා. නමුත් ලංකාවේ විතරක් විපක්ෂය මේකට බාධා කරනවා. වෙනස ඒකයි.
මේවා තේරුම් ගන්න පුලුවන්ද? මේ කැබිනට් එකේ ඉන්න, රුහුණු කුමරියේ ගැහැණුන්ගේ චේන් කඩපු, ගස් බඩගාපු, හොර පොල් කඩපු...කුකුල් හොරුන්ට....?
අපේ රටේ ඉන්න සමහර දේසපාලුවොයි, අනාවැකි කාරයොයි, සාත්තර කරයොයි හිතාගෙන ඉන්නෙ උන් තරම් කරුණු කාරනා දන්න උදවිය වෙන නැහැ කියලා?