(ක.ග.කරුණාරත්න)

පොළොන්නරුව, වැලිකන්ද කෝවිඩ් 19 විශේෂ ප‍්‍රතිකාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන කොරෝනා වයිරසය ආසාදිත රෝගීන්ට අවශ්‍ය ආහාරපානෙ, ඖෂධ  ලබාදීම ඇතුළු එදිනෙදා කාර්යයන් රැසක් පහසුවෙන් කිරීම සඳහා උපකාරීවන රොබෝ යන්ත‍්‍රයක් පරිත්‍යාග කිරීම අද(04) සිදු කෙරිණි.

මාස් ඉන්ටිමේට් පුද්ගලික සමාගමේ නව නිර්මාණ හා පර්යේෂණ අංශය දේශීය වශයෙන් නිර්මාණය කරන ලද  මේ රොබෝ යන්ත‍්‍රය පොලොන්නරුව මහ රෝහලේදී එහි අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා වෙත බාර දෙනු ලැබීය.
 
ඒ අවස්ථාවට එම සමාගමේ ඉංජිනේරු,කළමනාකරු මධුර දිසානායක,තාක්‍ෂණ නිලධාරී රුවන් පතිරණ පොලොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ,වෛද්‍ය නිහාල් ගුණතිලක යන මහත්වරු සහ වෛද්‍ය සන්ධ්‍යා අමරසිංහ මහත්මිය ඇතුලූ පිරිසක් සහභාගී වූහ.
 
මෙම රොබෝයන්ත‍්‍රය භාවිතය තුලින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුරරිත කිරීමේ හැකියාව වඩාත් තහවුරු වන බව පරිත්‍යාගය බාර ගනිමින් පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා ප‍්‍රකාශ කලේය.