(මනුල වික්‍රම)
ඇඳිරිනීතිය නොසලකාහරිමින් රැස් වූ මිහින්තලේ මරණාධාර සමිතියක නිලධාරී මණ්ඩලයක් අද (11) අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබූවේ මිහින්තලේ වෙරුප්පන්කුලමට ගම්මානයේ වේළුසුමන ඒකාබද්ධ අවමංගල්‍යාධාර සමිතියේ පිරිසකි.
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව මෙම පිරිස අත්අඩංගුවට ගත්හ.
සමිතියේ රැස්වුණු සෙසු සාමාජික පිරිස පලාගොස් තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ නිලධාරී මණ්ඩලයේ සභාපති හා ලේකම් ඇතුළු අට දෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔවුනට නඩු පැවරිමට කටයුතු කරන බව පොලිසිය පවසයි.


COMMENTS
මරණාධාර සමිතිය කියන්නේ මැරෙන්න ආධාර කරන සමිතියටනේ. ඉතින් මේගොල්ලෝ වරදක් කරලා නැහැ. ඔන්න අවමංගල්‍යාධාර සමිතියක අය මේ විදියට එක්රැස් උනානම් ඒක වරදක්.
අනේ ඇයි අත්අඩංගුවට ගත්තේ...? සමහරවිට එයාලා සමිතිය රැස්කරලා කොරෝනා වසංගතයට බෙහෙතක් හදන්න ගියාද දන්නේ නැහැනේ....?