IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආසාදිතයින්ට ළගට නොයා ප්‍රතිකාර කළ හැකි යන්ත්‍රයක් නාවික හමුදාව නිපදවයි

ඉන්දිකා රාමනායක

කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රතිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් ස්වයංක්‍රීය උපකරණයක් නාවික හමුදාව විසින් නිපදවා එය අද (8) නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත බාර දුන් බව නාවික හමුදාව පවසයි.

මෙම ස්වයංක්‍රීය උපකරණයක් නව නිපැයුම්කරුවකු වන තුෂාර කැළුම් වාදසිංහ මහතාගේ මූලික සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර නිපදවු බව නාවික හමුදාව සදහන් කරයි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සංකල්පයක් මත නව නිපැයුම්කරුවන් දිරිමත් කරමින් ඔවුන් හට නව තාක්‍ෂණය සහ පහසුකම් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය හරහා ලබා දෙමින් ඔවුන්ගේ නිර්මාණ කාලානෝචිත ලෙස එලිදැක්වීම සඳහා අවස්ථාවක් ලබා දෙමින් මෙම යන්ත්‍රය නිපදවා තිබේ.

දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේඩ් උපකරණය වෛද්‍ය කාර්ය මණ්ඩලයන් හ‍ට කොරෝනා ආසාදිත රෝගීන් අසලට නොගොස් ඔවුන්ගේ රෝග ලක්‍ෂණ විනිශ්චය කිරීමට ඔවුන් සමඟ කථා කිරීමටත් රෝගීන් හට අවශ්‍ය ‍‍ඖෂධ ලබා දීමටත් ඔවුන්ගේ ආහාර පාන ඇතුළු අනෙකුත් අවශ්‍යතාවයන් ඉටුකර දීමටත් හැකියාව ඇත.

වයිරසය ආසාදිත රෝගීන් මගින් වෛද්‍ය කාර්යමණ්ඩල සහ අනෙකුත් රෝහල් කාර්යමණ්ඩලය වෙත වෛරසය ආසාදනය වීමට ඇති ඉඩ ප්‍රස්ථාව මෙමගින් අවම කිරීමට හැකියාව ඇති බව නාවික හමුදාව පවසයි.

‍මෙම උපකරණයෙන් පහසුකම් ලබා ගැනීමට ප්‍රථම එය භාවිතා කරන්නාගේ දෑත් විෂබීජහරණය කිරීම සඳහා ස්වයංක්‍රීය දෑත් විෂබීජහරණ උපකරණයක්ද මෙම යන්ත්‍රය සතුව පවතී.



අදහස් (4)

ආසාදිතයින්ට ළගට නොයා ප්‍රතිකාර කළ හැකි යන්ත්‍රයක් නාවික හමුදාව නිපදවයි

Champa Wednesday, 08 April 2020 01:58 PM

මේකත් විශිෂ්ඨ නිර්මාණයක්. තුෂාරගේ නිර්මාණයට නාවුක හමුදාව හොඳ වටිනාකමක් දීල තියෙනවා. මේ වගේ "remote patient monitoring machine" එකක් මේ තරම් හුරුබුහුටි සංයුක්ත විදිහට හදන එක ලේසි වැඩක් නෙමෙයි. හුඟක් මේ වගේ උපකරණ මුලින්ම හැදෙන්නේ ටිකක් ගොරහැඩි විදිහට. ඒ අතින් බලපුවහම පලවෙනි නිර්මාණයම මේ තරම් කුඩාවට ලස්සනට නිම කරපු එකත් ලොකු දක්ෂකමක්.

:       0       16

Pradeep Wednesday, 08 April 2020 02:21 PM

විශිෂ්ටයි.. අපේ දැයේ දරුවන්ගේ හැකියාවන් ගැන ලක් මෑණියන් ආඩම්බර වෙනු ඇති. දිගින් දිගටම මොවුන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නම් මිට වඩා බොහෝ දේවල් ඔවුන් කරනු ඇති..

:       0       14

Kumar Wednesday, 08 April 2020 04:30 PM

මොන යන්ත්‍රය තිබුනත් ලෙඩාව පෙරලන්න හරවන්න වෙන්ටිලේටර් සවිකරන්න හැක්කේ මනුෂ්‍යයෙකුට පමණයි. මෙතරම් දියුණු රටේ අසාදිත අයට සලකන්නේ මනුෂ්‍යයෝමයි. කැලිෆෝර්නියාවේ වසංගතය පාලනය කිරීමට අවශ්‍ය වුනොත් සේවයට එන්න කැමති විශ්‍රමගිය සෞඛ්‍ය සේවයේ සිටිය අයගෙන් ඇසුවිට 20,000 දෙනා නැවත සේවයට එන්න කැමැත්ත පලකරලා තිබෙනවා. මරණය දැක දැක ඉදිරිපත් වුනේ මේ අයයි.

:       0       1

සමන්තThursday, 09 April 2020 06:17 AM

පරික්ෂාකරන එක වෙනම කාරණාවක්. අනෙක් එක ඔබ ඇමරිකාව ගැන කතා කරනවා. ඒක අපිට අදාලම නැත. දුප්පත් අපේ රටේ නිපදවෙන මේ වගේ දේ අපිට ඉතාම වැදගත්. ඇමරිකාව ඔය කියන තරම් දියුණුනම් මුහුණ ආවරණ නැතැයි කියා හෙදියන් සේවයෙන් ඉවත් වෙයිද..? දියුණුව නෙමේ වැදගත් වෙන්නේ කැපවීම. ඒ කැපවීම නැත්නම් කොච්චර දියුණු වුනත් වැඩක් නෑ. දැනටමත් මැරෙන ගාන තක්සේරු කරපු රටක් ලොකයේ කොහෙවත් නැත ඇමරිකාව හැරුණු විට. එවැනි රටක ඉන්නවා කියන එකත් ලැජ්ජාවත් මහත්තයෝ.. මේ දුප්පත් පුංචි රට කරන දේවල් සමග බලද්දී..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site