සොයන සේදුණු මැකුණු සැමරුම්
බිදෙන රළ රැළි මා ළඟින්
වෙරළ සිට සිතිජයේ ඇදෙනා
ඉන්දු දේදුණු දැක හඬයි
ඉසිරි විසිරී සැනින් ළංවී
වැළඳ වැළපෙන හැපෙන රළ රැල්
තරු ඉහෙන දිගු රෑ අහස් යට
සැදෙන මාළිග බිඳෙන වෙරළක්
සොයන සේදුණු මැකුණු සැමරුම්
සේද වැලි කැට යටින් හැංගුණු
කාලයට අත් දිගු කරන්
මිටක් වැලි ගෙන දෙනෙත් ලංකර
සොයමි නොසිදුණු පැතුම් ආසා
සොයන සේදුණු මැකුණු සැමරුම්
ජයන්ත ගලප්පත්තිගේ,
ඕස්ට්‍රේලියා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd