සඳකැන් දිදුලන නිසසල රෑ යාමේ,
මඳනළ අතරින් මල් සුවඳක් දැනුනේ
ගත සීතලකින් පෙලුනේ
නුඹ ගැන සිහිවී මට දුක හිතුනේ
හිත අද්දර ඉඳ මුමුනන ගීතය
ඉඳ හිට මට ඇසුනේ
ගයන්න ගී පද විහඟුන් නිදි කිරණ
රැයේ පරිසරයම නිහඬයි
නුඹ මට මුමුනයි, දුරස් වුනේ නැහැ,
මගේ හිත නුඹ අතැඟිලි
එක්කොට ලංවෙන සිහිනය
දුර නැහැ ප්‍රාර්ථනා මල් පිපෙන රැයේ
නුඹ ළඟටම විත් මා ඉන්නම්,
බලාපොරොත්තුව හද තුළ රඳවාගෙන
ඉමු අපි දැඩි විශ්වාසයෙන් සැබෑම,
ආදරයෙන්
ප්‍රින්සි රණසිංහ ආරච්චිගේ
වෙරෝනා නගරය, ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd