
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය විසින් ඉදිරිපත් කළ ‘ශ්‍රී ලංකා සංස්කෘතික පෙළහර’ ප්‍රසංගය 2020.02.08 දින රියාද් තානාපති කාර්යාල පරිශ්‍රයේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
මෙම ප්‍රසංගය සඳහා ජනප්‍රිය ශ්‍රී ලංකික සංගීතඥයින් වන කීර්ති පැස්කුවෙල් සහ මිලාන් රොඩ්‍රිගෝ යන මහත්වරුන් ද සහභාගි වූහ. තවද ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ දරු දැරියන් විසින් විවිධ නර්තන විශේෂාංගවලින් මෙම ප්‍රසංගය වර්ණවත් කළහ.
මෙවැනි සංගීත ප්‍රසංගයක් රියාද් නගරයෙහි පවත්වනු ලැබුයේ වසර 15ක පමණ නිහැඬියාවකින් පසුවය.
මෙම ප්‍රසංගය සඳහා අති විශාල ශ්‍රී ලාංකික පිරිසක් සහභාගි වූ අතර ඔවුන් වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් ද තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd