
සළු මත පැහැ තවර ලෝහිත පළ සුරත
සඳවත පෙර මතක සිතිජය ළඟ මවත
මුණිවත දොඩමළුය රහසම බිඳ සපත
යටිසිත සමුදුරය රළ පිට රළ නගත
දිය මත රකුසු රැඟුමෙන් කළඹා දියත
පරුවත නැඹ වැළඳ පිණි වරුසා දසත
අනියත රටා බීරළු ගෙත්තම් ලලිත
හදවත පතුළ සිඹ සයුරම වෙත නැවත
රසීකලා - රෝමය, ඉතාලිය.
(ඡායාරූපය: අන්තර්ජාලයෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd