
විචෙන්සාහි වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව විසින් තුන්වැනි වරටත් ක්‍රිස්තියානින්ගේ පිහිටාධාර අප ස්වාමිදූගේ වාර්ෂික මංගල්‍යය පසුගිය 15 වැනි ඉරු දින මහත් උත්සවාකාරයෙන් පවත්වන ලදී. 11 වැනි බදාදා කොඩිගස ඔසවනු ලැබූ අතර, ගරු දිනංජය සිල්වා පියතුමාගේ ප්‍රධානත්වයෙන් වෙස්පස් මෙහෙය පවත්වනු ලැබිණි. මංගල්‍යය දින මහා පූජාව වෙරෝනා අධ්‍යාත්මික පියතුමා වන ගරු සුරංග පියතුමා විසින් සිදුකරනු ලැබීය.
ඉන් අනතුරුව පැමිණ සිටි සියලුම දෙනාට ආහාර ලබාදුන් අතර, සැවොම සතුටින් විසිර ගියහ.
මේ එහි අවස්ථා කිහිපයකි.
කාන්ති රතුගමගේ
කතානියා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd