
රෝම ශාක්‍යමුණි විහාරයේ මහා සංඝරත්නය වස් වසා වැඩ සිටින වස් තුන් මාසය පුරාවට නොකඩවා සෑම ඉරිදා දිනකම බෝධි පූජාවන් තැබීම ශාක්‍යමුණි විහාරයේ දායක පින්වතුන්ගේ අධිෂ්ඨානයකි. ඒ අනුව 16 වැනි ඉරුදින දායක පින්වතුන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල් පහන් ගිලන්පස සහිත ඉතාම අලංකාර වූ සුමධුර වූ බෝධි වන්දනාවක් සිදු කළහ.
එහි මූලිකත්වය ගෙන කටයුතු කළ පින්වතුන්ගේ අරමුණ වූයේ තම මියගිය ඥාතීන්ට පිං පැමිණවීම, ඉගෙනීමේ නිරතවෙන දුවා දරුවන්ට සිත ශක්තිය ලැබෙන්නට ආශිර්වාද කිරීම, සෙත් ප්‍රාර්ථනා කිරීමත් තවත් දායක පින්වතියකගේ උපන් දිනය වෙනුවෙන් ද ආශිර්වාද ලබාගැනීම මේ ආදී කරුණු කාරණා රාශියකි.
උපන්දින සාද පැවැත්වීමට වඩා බෝධි පූජා පිංකමකට සහභාගී වී ආශිර්වාද ලබාගැනීම තම ජීවිතයට ලැබෙන භාග්‍යයකි. ශාක්‍යමුණි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්දත්ථ ස්වාමීන් වහන්සේ සෙත් පිරිත් සජ්ඤායනා කර සියලු දෙනාටම පිරිත් නූල් ගැටගසා සෙත්පතා ආශිර්වාද කළහ. ඉරිදා දිනයක් නිසා විශාල පිරිසක් විහාරස්ථානයට පැමිණ සිටිනු දුටුවෙමි.

ප්‍රේමා කංකානම්ගේ,
රෝමය.
ඡායාරූප - අනුරුද්ධි සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd