නොවැම්බර් මාසය කතෝලිකයන් නම් කර ඇත්තේ මළවුන්ගේ මාසය ලෙසයි. මිය ගිය අය සිහි කර මෙම මස තුළදී විශේෂයෙන් දානමාන දීම සිදු කෙරේ. කතානියා නගරයේ ද මෙම නොවැම්බර් 1 වැනි දින 4 වැනි වරටත් සිංහල කතෝලික සංඝයේ ජනතාව විසින් දානය දීම සිදු කළහ.
කතානියා අධ්‍යාත්මික පියතුමා ප්‍රමුඛ දායක මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ මෙයට ආගම් භේදයකින් තොරව මෙහි ජීවත් වෙන සිංහල ජනතාව විසින් අවශ්‍ය ආහාර, ජලය මෙන්ම අනිකුත් සියලුම දෑ පරිත්‍යාග කරන ලදී. දිව්‍ය පූජාව පැවැත්වීමෙන් අනතුරුව දානය දීම ආරම්භ කළ අතර, මා දුටු අයුරින් දානය අනුභව කිරීම සඳහා කතෝලික, බෞද්ධ භේදයකින් තොරව 1000කට අඩු වැඩි ජනතාවක් සහභාගීත්වය දැක්වූහ.
මෙදින ආහාර සහ අනිකුත් දේවල්වලින් සහයෝගය දැක්වූ සැමටත් ආහාර අනුභව කිරීමට පැමිණි සැමටත් කතානියා කතෝලික දෙවස්ථාන දායක මණ්ඩලයේ ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

කාන්ති රතුගම
කතානියා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd