
වරුසාව පෘතුවියට අශිර්වාදයකි. මහ වැස්සකින් පසුව හිරු එළියත් සමගම පිබිදෙන පරිසරය ප්‍රියමනාප ය. සිසිලස ය. ගත සිත පිනවන අයුරින් ප‍්‍රබෝධමත් ය. බෞද්ධ සාහිත්‍යයේ ධර්ම ශ‍්‍රවණය අමා වැස්සකට උපමා කර ඇත්තේ ඒ නිසා ය. ධර්ම ශ‍්‍රවණය මනසට ආශිර්වාදාත්මක වර්ෂාවකි. අමා වැස්සකට පසුව ගත සිත ප‍්‍රබෝධමත් කරනු ලබන සූර්යාලෝකය ප‍්‍රඥාවයි. ධර්ම ශ‍්‍රවණයෙන් පසුව ප‍්‍රඥාව දැල්වී සිත නිවී සැනැහී යන්නේ ඒ නිසාය.
දහම් වැස්සෙන් තෙමෙන්නට කඨින පිංකම තරම් තවත් පිංකමක් නැති බව අවබෝධ කරගැනීමට, ඔක්තෝබර් මස විසිඑක් වැනිදා රාත‍්‍රී භික්ෂූන් වහන්සේලා දසනමක් සහභාගී වූ පිරිත් සජ්ඣායනයෙන් පසුව විසි දෙවැනිදා දවස පුරා රෝමයේ ධර්මාශෝක විහාරයේ සිදුකෙරුනු කඨින පිංකම අසම සම උදාහරණයකි.

ඔක්තෝබර් මස විසි දෙවැනිදා උදයේ සිට ම ඇදහැළුණු කඩින් කඩ වැසි නොතකා ධර්මාශෝක විහාරස්ථානය අතුරුසිදුරු නැතිව පුරවාලූ සිය ගණනින් වූ සැදැහැවත් පිරිස, දවස පුරා ධර්ම ශීල හා දානමය පිංකම් රැසක් කරගත්හ. විහාරාධිපති නේපාලයේ ශාක්‍යනන්ද හිමියන්ගේ විශේෂ ආරාධනයෙන් වැඩමකර සිටි අත්තරාගම පඤ්ඤාලංකාර (කොටුවේ හාමුදුරුවන්ගේ) හිමියන්ගේ සුමධුර වූ ද සුවිශේෂී වූ ද ධර්මදේශනය, සැදැහැවතුන්ගේ මනසට කාලීන ඖෂධයක් වූ බව නොකියා ම බැරිය. සවස් භාගය අග පැවති ආලෝක පූජාව වනතුරුම සැදැහැවත් සමූහයා පැවති සීතල වැසි දේශගුණය ද නොතකා විහාර භූමියෙහි රැඳී සිටිමින් ධර්මයේ හැසිරුනහ.
රෝමයේ ධර්මාශෝක විහාරයේ කඨින පිංකමේ අවස්ථා කීපයක් ඡායාරූපයෙන් දැක්වේ.
විහාරස්ථ දායක සභාව,
ධර්මාශෝක විහාරය,
රෝමය, ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd