ප්‍රාණය සැඟවුණු සිරුර ඔබේ
සැඳෑ පාලු කළු වලා යටින්
දිනක මාද පොළවේ සඟවාවිද මට හිතුනා
සබඳ ඔබේ නෑ සිය මිතුරෝ
පොළවේ පස් පිඩු කඳුළෙන් පොඟවා
මිහිගැබ තුළ ඔබ දෙන මත
සෙමෙන් දමනු ඇසුනා
මටත් එසේ දවසක සිදුවේවිද
නිකමට මට හිතුනා
හෙට දවසේ මෙවන් සුසානේ
ඔබේ නමින් ඉදිවෙන සිහිවටනේ
හීන් සැරේ ගොළු බසින් කියන්නේ
කඳුළු කථා පුවතයි
මගෙත් සොහොන් කොත මෙතන ඉදිවෙතැයි
නිකමට මට හිතුනා
පැරිස් නුවර
හේමා කටුකුරුන්ද.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd