මේ තරම් ලෙන්ගතුකම දුන්නෙ කොහොමද
දෑතින් කළුගලක් පිරිමැද
මට කියා දෙන්න හැකිද
ඉසුරුමුණු පෙම් යුවළ මැව්හැටි නුඹ
නුඹ පරාජිතයෙක්දැයි
මට සිතුණු වර අනන්තයි
පෙම බිඳුණු හින්දාවත්
ගල් මුවෙක දුක මැව්වයි
අසා දැනගන්ට හිතයි
ඒත් නුඹ කොහේදැයි
තිසා වැව් බැම්මේ
නෙතු පුරා මම නුඹව සෙව්වා
අත්වැල් බැඳන් යන
පෙම්වතුන් පමණමයි සිටියේ
මගේ දෑස් ඉනූ කඳුළින්
ඉබේටම තෙමුනේ
නුඹවත් මා වගේ දවසක
ඇය හැර යන්න ඇති රහසේ
රංජිත් මංජුල අඩප්පරගම
නාපෝලිය ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd