
විඳ විඳ තරු පහස පිරුවට සළු පැළඳ
පුරසඳ බල අහස නිදිබර නෙත පුබුද
ඉඟබැඳ පිනි මෙවුල සඳ කිරණින් ඔකඳ
මල් කොඳ රඟත, යත සුර අඟනන් පැරද
විනිවිද විල් පළස පිපි මල් මත විහිද
විල්ලුද මුදු කිරණ පහසකි ලද බොළඳ
ලුහුබැඳ සිඳ අඳුර වණ අරණට ගෙවැද
පුන්සඳ සැණකෙළිය නිල් වණ පෙත වැළඳ
එන මද නළ වැළඳ සිතුවිලි කර සුවඳ
පිරිමැද ගත ළමැද දෙන සඳ මුව අමොද
සකිසඳ සුව කුමට සඳ අසිරිය නොවිඳ
මන්මද වෙමි සබද දැකුමෙන් සඳ නිබද
රසීකලා - රෝමය, ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd