අදහස් සොඳ වෙලා සැම කෙනෙකුන් ගාවා
උදහස් නොවී සාමෙන් සැම විසඳේවා
මදහස් සතුට මුව මුව අග රැව්දේවා
දෙදෙහස් විස්ස ලෝ සතහට සුව දේවා
අරුණලු නැගෙයි මව් බිම තුළ සතුට ගලා
පැතුමන් පිරි සැම හදවත් එකලු වෙලා
වසරක් ගෙවී නව වසරක් උදා වෙලා
ආසිරි පැතුම් ගෙන එන්නම් සෙමෙර සලා
සීලය රකින රජු දැහැමිව සිටි කලට
ආලය පානවිට ඉපදුන මව් බිමට
තාලය යන ගමන කියැවෙයි ගමනකට
කාලය එළැඹ ඇත පැරකුම් යුගයකට
ගෙවිලා අඳුරු යුග සලකුනු නිම වේවා
ලැබිලා සොඳුරු දිවි මාවත් ඇරඹේවා
යුතුකම් ගුණ දහම් රකිමින් යන මේවා
සාමය සතුට සහජීවනේ පවතීවා
විමලා යාපා සයිප්‍රස් සිට.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd