

දෙවැනි ලෝක යුද්ධයේ දී ජර්මනියේ නාසි හමුදාව විසින් ගුවනින් හෙළන ලද පුපුරා නොගිය විශාල ෂෙල් බෝම්බයක් පැරීසියේ කලාප අංක 18 හී ෆෝර්ට් ඬේ ලා චැපල් ප්‍රදේශයේ අලුතින් ඉදිකරන විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු සඳහා කැනීම් සිදුවෙන ස්ථානයක දී සොයා ගනු ලැබුවේය.
පසුගිය පෙබරවාරී 04 වැනි සඳුදා සොයා ගනු ලැබු මෙම බෝම්බය ප්‍රථමයෙන් යුද හමුදාවේ බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කොට පසුගිය 10 වැනි ඉරු දින රාත්‍රී 11ට විශේෂ ආරක්ෂාව යටතේ ඉවත් කර ගත්තේය. ඒ සඳහා වර්ග කිලෝ මීටරයක ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම අධි ආරක්ෂිත කලාපයක් බවට පත් කොට රාත්‍රී 11ට යුද හමුදා රථ වලින් ඉතාමත් ආරක්ෂාකාරී ලෙස ඉහත බෝම්බය පැරීසියෙන් පිටතට රැගෙන ගියේය.
මෙවැනි යෝධ බෝම්බ බොහෝ විට ප්‍රංශයේ විවිධ ප්‍රදේශවලින් විටින් විට සොයා ගෙන ඇත්තේය. දෙවැනි ලෝක යුද්ධ සමයේ දරුණු ලෙස සටන් පැවැති උතුරු දිග ප්‍රංශයේ දී මෙවැනි බෝම්බ සොයා ගැනීම සුලබව සිදුවෙන ප්‍රදේශයන් වේ.
සුනිල් ආනන්ද
පැරීසියේ සිට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd