නොනිදන රෑ යහන් ගැබේ
කව්ළුව ළඟ සිහින් සරින්
සඳැස් පහන් එළිය මැදින්
ඔබ මිමිණූ ගීය ඇසෙයි
ඔබ තවමත් මගේ ළඟ වාගේ
මැදියම් රෑ නෙත් ඇහැරී
ඇසිල්ලකින් නෙත් බොඳ වී
ඝන අඳුරට දෑත් යවන්
සිප ගන්නේ ඔබේ රුවයි
ඔබ තවමත් මගේ ළඟ වාගේ
යහනේ තනි හිස්කම මැද
වැතිරී පෙම් බස් මුමුණයි
ඉන්ද්‍රජාල සළු අතරින්
පොපියන ළැම හස හමුවෙයි
ඔබ තවමත් මගේ ළඟ වාගේ
ජයන්ත ගලප්පත්තිගේ
ඕස්ට්‍රේලියා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd