දුක් විඳ විඳ ශිල්ප ලබන්නට
දුෂ්කර ගම්මානේ හේනේ පැලේ ඉඳ
වල් අලි යන පාර දිගේ
මන් තනියම ඉස්කෝලෙට එනවා
හිරු නැගෙනා හෝරාවේ
පිං කළ දරුවන් කොළම් පුරේ
යන්න කොලේජ් නැගලා වාහන ආණ්ඩුවේ
පව් කළාපෙට මේ කැලෑ මැද්දේ
ෙවන්න මොනවද කවුරුද දන්නේ
මේ සියඹලා ආණ්ඩුවේ
අම්මා දවසෙම අව් කාස්ටකේ
ඉන්නේ හේනේ ආසාවට නොවේ එක සීරුවේ
අප්පච්චී සී පද කියමින් රෑට නිදිමරන්නේ
රූස්ස ගහ මුදුණේ අට්ටාලයේ ඉඳගෙන
වල් අලින්ගේ බේරගන්නයි ජීවිත අපේ
පැරිස් නුවර
හේමා කටුකුරුන්ද

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd