ගියොත් කොයි කොහේ හෝ
මළ ගෙදරකට
දන්න - අඳුනන
නන්නාඳුනන සෙනඟ අතරින් හදිසියේ මෙන්
ඇවිත් අම්මා මගේ ළඟටම
මගේ දුක විමසයි.
අතින් අල්ලා
වාඩි කර කොනක පොඩි පුටුවක
ලොව කොයි කව්රුවත්
නොබලනා
දයාබර බැල්මෙන්
මගෙ දෙනෙත් තුළටම එබී
ඉතින් දරු පැටව් ටික
හොඳින් දැයි විමසයි
ඈත ඉස්සර දවසක
මියෙන්නට දවස් අටකට පෙර
කතා කරද්දී දුරකතනයෙන්
කිව්වේ නැතත්
යළි හමුවෙනා තැනක්
ගියොත් කොයි කොහේ හෝ
මළ ගෙදරකට
දන්න - අඳුනන
නන්නාඳුනන සෙනඟ අතරින්
හදිසියේ මෙන්
ඇවිත් අම්මා මගේ ළඟටම
මගේ දුක විමසයි.
ජයන්ත රත්නසිරි ගලප්පත්තිගේ
ඕස්ට්‍රේලියාව.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd