IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


2019 අභිනන්දන කලා උළෙල රෝමයේදී

 

 

ශ්‍රී ලාංකික ප්‍රගතිය අද මුලු ලොව පුරාවට පැතිරී හමාරය. දස දෙසට නෙත් යොමු කළ විට දක්ෂතා වලින් නිපුණ වූවන් කොතරම් දැයි පසුගිය ඔක්. 13 වැනි ඉරුදින රෝමයේ රතුපල්ලිය (Santa Chiara) ශ්‍රවණාගාර ශාලාවේදී පැවති 2019 අභිනන්දන කලා උළෙල තුළින් මනාවට එළිදැක්විණ. 


2019 අභිනන්දන කලා උළෙල දෙවැනි (2) වරටත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සලස්වා තිබුණේය. සිංහල චාරිත්‍රානුකූලව මංගල බෙර හඬ මැද පොල්තෙල් පහන් සිලු දල්වා අභිනන්දන යට මෙලෙස දොරගුලු විවෘත විය. 


රෝම නගරයේ ශ්‍රී ලාංකික කලායතන දහතුනක (13) එකමුතුවෙන්, දරු දැරියන්ගේ විවිධ නිර්මාණ එළිදැක්විණ. මීට දස වසරකට (10) පමණ පෙර රෝම නගරය තුළ මෙවන් කලායතන රාශි වශයෙන් නොතිබුණද එහි විශාල ප්‍රගුණතාවයක් හා අප සිංහල දරු දැරියන්ගේ ප්‍රගුණතාවය කොපමණ දැයි මින් මනාවට පිළිබිඹු විය. තවද අප සිංහල දරු දැරියන් විවිධ දක්ෂතාවන් ගෙන් පිරිපුන් දැයි ආඩම්බරයෙන් කිව යුතුය. එකල මුල් පරම්පරාවට තම දරුවන් වෙනුවෙන් කරගත නොහැකි වූ කාර්යභාරයක් අද තරුණ පරපුරේ දෙමව්පියන් විසින් තම දරුවන් වෙනුවෙන් මෙවැනි කැපකිරීම් තුළ තම දරුවන්ගේ දක්ෂතාවන් ඉදිරියට ගෙන යෑම සතුටකි. ආර්ථික දුෂ්කරතා, කාර්ය බහුලතා මැද මුල් පරම්පරාවෙන් ලද අඩිතාලම ඔපමට්ටම් කර දෙවැනි පරම්පරාව මෙලෙස ඉදිරියට යෑමද විදේශිකව ජීවත් වූවන් අද මෙරට ඔවුනොවුන්ගේ මව්බිම බවට පත්වී ඇත. 


අද රෝම නගරයේ ශ්‍රී ලාංකිකයින් විසින් සිංහල, ඉංග්‍රීසි පාසල්ද, දහම් පාසල්, නැටුම්, ගැයුම්, කලායතන සහ එකිනෙකාගේ අවශ්‍යතාවන් සඳහා ලිපි ගොනු සකස් කර ගැනීම සඳහා තවත් විවිධ දෑ වෙනුවෙන් ආයතන ආරම්භ කර ඇත. 


මෙම අභිනන්දන කලා උළෙලේදී හෙළදිව තක්සලාව පාසලේ දරු දැරියන් ඉදිරිපත් කළ පරිසරය සහ කූඹියෝ යන නාට්‍යයන් කාගේත් සිත්ගත්තේය. එම කුඩා දරු දැරියන්ගේ විශිෂ්ඨතාවය වූයේ සිංහල භාෂාවේ වචන ශබ්ද කිරීම සහ උච්චාරණය කිරීමය. එය සිංහල පාසලට පමණක් නොව ඉංග්‍රීසි සහ ඉතාලි බස ඉගෙන ගන්නා පාසල් දරුවන් පවා ඉතා විශිෂ්ඨ අයුරින් සිංහල භාෂාව ප්‍රගුණව භාවිතා කිරීම අගය කළයුතු කරුණකි. 


අද ශ්‍රී ලංකාව දෙස බලන කල පරම්පරා ගත සිංහල සමාජය තුළද, ඉංග්‍රීසි පාසලට යන සිංහල දරුවන්ද සිංහල බස උච්චාරණය, ලිවීම, කියවීම පවා නොහැකි දරුවන් බවට පත්වී හමාරය. අප මව් රට දෙස බලන කල විදේශයක ජීවත් වී විදේශ පාසල් ගොස් විදේශයක උපත ලැබූ මෙහි සිටින අප සිංහල දරුවන් සිංහල ලිවීම, කියවීම කතා කිරීම තුළ අති දක්ෂයින් වීම ශ්‍රී ලංකාවට ආඩම්බරයකි. එය මෙහි සිටින සෑම අංශයකම ගුරු භවතුන්ට ප්‍රණාමයකි. 

 

 


මෙහිදී ශාක්‍යමුණි සහ ධර්මාශෝක විහාර දහම් පාසල් දරු දැරියන්ගේ නිර්මාණශීලීත්වය සහ රෝමයේ කවුරුත් හඳුනන ප්‍රේමා කංකානම් මහත්මිය සහ වැනීසිය සිට පැමිණි කෝකිල සිල්වා මහතා අතර පැවති කව් සංවාදය කාගේත් සිත් ගත් අංගයක් විය. වාදනයට, සිංහල ගායනයට, ඉන්දියානු සහ උඩරට නර්තනයට, පාරම්පරික බෙරයට තත්දෙන අපූරුත්තවය මනාවට පිළිබිඹු වුවද මේ අපගේ සිංහල දරු දැරියන් දැයි සිතා මහඟු ආඩම්බරයක් කාහටත් අත්වූ බව නිසැකය. සිංහල ඉතාලි, ඉංග්‍රීසි බස චතුරත්වයෙන් කතා කිරීමත්, මේ අභිනන්දන උළෙල සඳහා ජාති ආගම් භේදයකින් තොරව බංගලාදේශය, ඉන්දියාව සහ තවත් රටවල දරු දැරියන් මෙයට සහභාගී වීමද විශේෂත්වයකි. 


යුරෝපයේ කාලගුණ තත්ත්වය රාජකාරි බහුලවීම හේතු කොට සුලු හෝ ලද අවස්ථාවෙන් මහඟු ප්‍රයෝජනයක් ගෙන ඉතාම සුලු කාලයකින් මෙවන් වැඩ මාලාවක් කර ගැනීමට මූලිකත්වය හෙබවූ ගැමුණු ද සිල්වා සහ මෙරිල් සමරතුංග මහතුන්ගේ ප්‍රධානත්වයෙන් මෙවන් කලා උළෙලක් පවත්වා අපගේ දරු දැරියන් දිරි ගැන්වීම වෙනුවෙන් ඔවුන් හට අප පළමු කොට ප්‍රශංසා කළ යුතුය. තවද අමාලි අත්තනායක සහ චන්දීමා ගුණතිලක මහත්මීන් ගෙන් ලද සහයෝගය මෙහි ප්‍රගතියට විශේෂ උපකාරයක් විය. 


මෙහි ප්‍රධාන අමුත්තා වූ රනිල් ජයනෙත්ති මහතා සහ රෝමයේ ආචාර්ය ලලිත් චන්දන මහතුන් අතින් ගුරු, දෙගුරු, දරු දැරියන් ඇගයීම සඳහා සහතිකපත් සහ තෑගි ප්‍රදානය කළ අතර 2018 වසරේ මිලානෝ නගරයේ පැවති Miss Srilanka තරඟයට රෝමයෙන් සහභාගී වී ප්‍රථම ස්ථානය දිනාගත් කේහාරා යාශෝධා මෙනවියද මේ අවස්ථාවේ ඇගයීමට ලක් කරන ලදී. 


පියස්ස වැනීසියා (Piazza Venezia) කතෝලික සංඝයේ දහම් පාසල් බටහිර තූර්ය වාදක කණ්ඩායම (සිංහල දරු දැරියන්) 2019 අභිනන්දන කලා උළෙල අවසානයේ මියුරු වාදනයෙන් ප්‍රේක්ෂකයින් කුල්මත් කළහ. 


දෙවැනි වරටත් රෝමයේ පැවති අභිනන්දන කලා උළෙල වේදිකාව මනිශා ගුරුතුමිය විසින් අලංකාරවත් අන්දමින් මල් වලින් සකසා තිබීමත් තවද සියලු වැඩකටයුතු කලට වේලාවට ඉදිරිපත් කිරීමෙන් ප්‍රේක්ෂකයින් අපහසුතාවයකට පත් නොකිරීම මෙහි විශේෂත්වයකි. මෙහි දායකත්වය දුන් සියලුදෙනා ඇගයීමට ලක්කළ අතර කලා කටයුතු සඳහා කවදත් අතහිත දෙන අනුර වැලිකන්ද මහතාට විශේෂ ස්තුතිය හිමිවිය. 


මෙම කලා උළෙල සඳහා ශබ්ද පරිපාලනයෙන් ඩොනල්ඩ් පෙරේරා, මනෝජ් විතාරණ සහ මිලානෝ සිට පැමිණි නිශාන්ත ජයකොඩි කථනයෙන්ද ඡායාරූප පටිගත කිරීම් සඳහා අෂාන් සහ ශම්මි මහත්ම මහත්මීන් නොමද සහයක් දැක්වූහ. 


මෙදින සවස් භාගයේ රතු පල්ලි ශාලාව ප්‍රේක්ෂකයින්ගෙන් (විවිධ ජාතිකයින්) පිරී තිබූ අතර සුවිශේෂ සැන්දෑ කාලයක් ප්‍රේක්ෂකයින් හට රස විඳීමට හැකි වූවා සේම කාලය සෙමින් අඳුරට ඇදී ගියේය. 

 

 


රෝමය - ඉතාලිය 
අනෝමා ගමලත් 

 



අදහස් (0)

2019 අභිනන්දන කලා උළෙල රෝමයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 368 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1641 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site