ලංකාවේ දැවැන්තම සහ ජනප්රියතම සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම සයිප්රසයට පැමිණීමට නියමිත බව එම සංගීත ප්රසංගය සංවිධානය කරනු ලබන ප්රසාද් බංඩාර දනුක නාලක නුවන් ප්රමුඛ චැලේන්ජ් ෆෝ සංවිධානය දැනුම් දෙනු ලබයි.
සයිප්රසයේ සේවය කරන සුවහසක් ශ්රී ලාංකිකයින්ගේ විඩාබර සිත්සතන් තුළට සංගීත රසාස්වාදය ලබාදීම පිණිස සුපුරුදු ප්රසංග රටාවෙන් බැහැරව අතිශයින්ම වෙනස් ආකාරයට මෙගාස්ට්රා ගනයේ දැවැන්ත මහා සංගීත ප්රසංගයක් නව වසරට සුභාසිරි මැද්දේ 2019-2-17 ඉරු දින දහවල් 12 සිට නිකෝසියා ස්ටේට් පෙයා හිදී පැවැත්වේ. රොෂාන් ප්රනාන්දු, කිංස්ලි පීරිස්, සාරංග දිසානායක, සිරස සුපර්ස්ටා සුපිරි තරුව ප්රදීප් රංගන ආදී තරු රැසක් පිරිවරා පැමිණෙන මෙම මහා ප්රසංගය නැරැඹීමට ඔබ සැමට සුහද අාරාධනා. මෙම සංගීත ප්රසංගයට කථනය සපයන්නේ සයිප්රසයේ සිටින ප්රවීණ නිවේදක ප්රසාද් බණ්ඩාරයි.
විමලා යාපා නිකෝසියා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd