IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ෆ්‍රැන්සිස් පාප්තුමාගේ චරිතය පිළිබඳ වාර්තා චිත්‍රපටයක්

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්තුමා පිළිබඳව සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ ජර්මන් ජාතික විම් වෙන්ඩර්ස් විසින් නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටයක් ඔක්තෝබර් මස 4 වැනිදා සිට යුරෝපය පුරා සිනමාහල්වල තිරගතවෙමින් ඇත. “යුනිවර්සල් පික්චර්ස්” ලේබලය යටතේ විසුරුවා හැරෙන විනාඩි අනූහයක් දිවෙන මෙම වාර්තා චිත්‍රපටය 2018 කෑන්ස් චිත්‍රපට උළෙලේ වාර්තා චිත්‍රපට අංශයේ ද තිරගත විය. මෙය ඉතාලි, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් සහ ස්පාඤ්ඤ භාෂාවලින් හඬ කැවී ඇත. මෙම සිනමාපටය ඇමෙරිකාවේ සිනමා ශාලාවල තිරගත වීම ඇරඹුණේ පසුගිය මැයි මාසයේ ය. 


“වචනයට ගරුකරන ෆ්‍රැන්සිස් පාප්තුමා” ලෙස නම්කර ඇති උක්ත වාර්තා චිත්‍රපටය පාප්තුමාගේ චරිතාපදානයක් නොවෙන අතරම, එය කතෝලිකයන් සඳහා පමණක් ම නිෂ්පාදනය වූවක් ද නොවේ. පවුල් කුටුම්භයේ එකමුතුවේ වටිනාකම, විරැකියාව සහ වර්තමාන තරුණ පරපුර, පිරිහී යන මානව වටිනාකම්, සොබාදහම ආදී තේමාවන් පිළිබඳව පසුගිය වසර දෙකක කාලය තුළ පාප්තුමන් විසින් කරන්නට යෙදුණු දේශනයන් සහ එතුමන්ගේ අපොස්තලික සංචාරයන් කීපයක් මෙම වාර්තා චිත්‍රපටයට පසුබිම් වී ඇත. මෙම චිත්‍රපටය කිසියම් ආගමක්, ජාතියක් හෝ කුලයක් අරමුණු කරගෙන තැනූවක් ද නොවේ. 


විම් වෙන්ඩර්ස් “බර්ලින් අහස”, “කාලයත් සමග”, “පැරිස් ටෙක්සාස්” වැනි 


චිත්‍රපට නිර්මාණය කර ලෝක සිනමාවේ අමරණීය සටහන් තැබූ ජර්මන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. මෙම වාර්තා චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා විම් වෙන්ඩර්ස් පසුගිය වසර දෙකක කාලය තුළ පාප්තුමා විසින් කරන ලද අපොස්තලික සංචාරයන් සමග සහභාගී වෙමින් එතුමන් පිළිබඳව අධ්‍යයනය කර ඇති අතර, වතිකානය තුළ ගැවසෙමින් පාප්තුමාගේ දෛනික චර්යාවන් ද හදාරා ඇත. 


වතිකානයට අවශ්‍යව ඇත්තේ පාප්තුමාගේ පණිවිඩය සිනමා මාධ්‍යයෙන් ලොවට ගෙන යාමට ය. දේශපාලනය අප්‍රසන්න වූ ලොවක කිසියම් අධ්‍යාත්මික බලපෑමක් කළ හැකි නායකයකු ලෙස ෆ්‍රැන්සිස් පාප්තුමාට තමන් ගෞරව කරන බව කියන විම් වෙන්ඩර්ස්, මෙම වාර්තා චිත්‍රපටය වතිකානයට අවශ්‍ය පරිදි නොව තමන්ට අවශ්‍ය පරිදි නිර්මාණය කළ බව ද කියයි. 


ෆ්‍රැන්සිස් පාප්තුමා පිළිබඳව නිෂ්පාදනය වී ඇති වාර්තා චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක් මේ සමග දැක්වේ. 

 


චාපි කෝසලා. 
මියුනිච්, ජර්මනිය. 



අදහස් (0)

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ චරිතය පිළිබඳ වාර්තා චිත්‍රපටයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 588 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site