නීතිඥවරයකු විසින් ඉන්දියානු ශ්‍රේෂඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාග කළ විනිසුරු මණ්ඩලය, ළමා මනාලියන් ලෙස විවාහ දිවියට ඇතුළත් වන බාලවයස්කාරියන්ගේ අයිතිවාසිකම් සුරැකෙන ලෙස ඉන්දියානු දණ්ඩනීති සංග්‍රහයේ ඇතැම් වගන්තියක් සංශෝධනය කරන ලෙස නියෝග කිරීමට තීරණය කර ඇත.

බොහෝ විට දෙමාපියන් විසින්ම වැඩිහිටි පුද්ගලයන් විවාහ කර දෙනු ලබන ලාබාල දැරියන් තම සැමියා අතින් ලිංගික හිංසනයට ලක් වුව ද ඒ පිළිබඳව නීතියේ පිළිසරණ පැතීමට තරම් ඉන්දියානු දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති සැකසී නැත. මේ හිංසන නිසාම ඇතැම් බාලවයස්කාර බිරියෝ විවිධ අනතුරු පමුණුවා ගනිති. මානසික ආතතියේ සිට සියදිවි නසාගැනීම දක්වා වර්ධනය වී ඇති මෙම බාලවස්කාර බිරියන්ගේ ලිංගික හිංසන භීතියට නීතිය මගින් පිළිසරණක් ලබා දිය යුතු බව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන ඇත.
ඉන්දියානු දණ්ඩනීති සංග්‍රහයේ ඇතැම් වගන්තියක් බිරිඳ සම්බන්ධ කටයුතුවලදී සැමියාට වාසි සහගත අන්දමට සැකසී ඇත. උදාහරණ ලෙස බිරිඳගේ වයස අවුරුදු පහළොවට වැඩි නම්, ඇයගේ එකඟතාවයට එරෙහිව වුව ද මොනයම් ආකාරයක හෝ ලිංගික හිරිහැරය හිංසනයක් ලෙස ඉන්දියානු දණ්ඩනීති සංග්‍රහයට අනුව පිළිගැනෙන්නේ නැත. මෙම නීති වගන්තියේ ලිහිල් බව කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව උක්ත පෙත්සම විභාග කළ විනිසුරු මඬුල්ලේ තීරණයයි.
සැමියාගේ ලිංගික හිංසනයට ගොදුරු වන වයස අවුරුදු 18ට අඩු බාලවයස්කාර බිරිඳකට තමන්ට සිදු කළ හිංසනය පිළිබඳව නීතිමය පියවර ගැනිමට පහසු වන පරිදි ඉන්දියානු දණ්ඩනීති සංග්‍රහයේ අදාළ වගන්ති ළඟදීම සංශෝධනයට යොමු කෙරෙනු ඇත.
ඉන්දියාවේ බාලවයස්කාර විවාහක දැරියෝ මිලියන 23ක් තම එකඟතාවට එරෙහිව සැමියාගේ ලිංගික හිංසනයට ගොදුරු වන බව වාර්තා වේ. මෙම විෂයයේදී හිංසනයට පත්වන බාලවස්කාරියන්ට සාධාරණයක් ඉටුවන පරිදි වරදකරුවන්ට දඬුවම් පැමිණවිය හැකි අයුරින් ඉන්දියානු නීතියේ වෙනස්වීමක් කෙරෙන්නේ නම්, ඒ පිළිබඳව තම කෘතඥතාව ඉන්දියානු රජයට පිරිනමන බව කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත.
යටියන
ක්ලැරන්ස් කොස්තා.
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළමා බිරිඳට ලිංගිකව අඩම්තේට්ටම් කළොත් ඉන්දියානු සැමියාට මින්පසු වැඩ වරදී