සලාපුර රදගුරු අති උතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් විසින් අතිගරු අශෝක් ප්‍රියන්ත පෙරේරා පියතුමාව හලාවත පදවි අනුනායක ලෙස පත් කර ඇත. 1991 ජුලි මස 20 වැනි දින පූජකවරයෙන් ආලේප කරනු ලැබූ එතුමා තුම්මෝදර සහ මාදම්පේ මීසම් සේවක පියතුමා ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ඉතාලියේ කතානියා නගරයේ අධ්‍යාත්මික එඬේරා ලෙස කටයුතු කළහ. 2005/07/30 වැනි දින සිට 2009/09/30 වන දින තෙක් කතානියා නගරයේ කිතුණු ජනතාවට අනුපමේය සේවාවක් කළේය.
කතානියා San Paolo විශ්වවිද්‍යාලයෙන් ශීල ධර්මය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා නැවත මව්බිම බලාගිය ගරු අශෝක් පෙරේරා පියතුමා හලාවත පදවි පවුල් සේවා අධ්‍යක්ෂ පියතුමා ලෙස සේවයේ නිරත විය.
මූදුකටුව මීසමේ මීසම් පාලක පියතුමා ලෙස සේවය කරන අතරතුර හලාවත පදවි අනුනායක ලෙස පත් වූ අතිගරු අශෝක් පෙරේරා පියතුමෙනි, ඔබතුමාට කතානියා නගරයේ කතෝලික ජනතාවගේ උණුසුම් සුබ පැතුම් මෙසේ ගෙන එන්නෙමු.
ඔබතුමා අපගේ කිතුනු සංඝය වෙනුවෙන් කළ උත්තරීතර සේවය අපට කිසිම දිනෙක අමතක නොවේ.
කාන්ති රතුගම
2025 දෙසැම්බර් මස 30
132
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හලාවත පදවි නව අනුනායකතුමාට කතානියා ලාංකිකයන්ගේ සුභපැතුම්