

සිසිලි දූපතේ තින්දරී මාතාවන්ට තුති දීමේ මහා මංගල්‍ය 19වැනි වරටත් 2018 මැයි මස 13 වැනිදා මෙස්සිනා කිතුණු සංඝයේ සහ එම සංඝයේ අධ්‍යාත්මික එඬේරා වන ගරු නෙවිල් ප්‍රනාන්දු පියතුමාගේ සංවිධානයෙන් උත්කර්ෂවත් ලෙස නිමවිය. ශ්‍රී ලාංකික සිරිත්විරිත්වලට මුල්තැන දෙමින් අපේ උරුමයන් රැකගනිමින් සුද්දන්ට අපේ එකමුතුකම ආගමික බැඳීම පෙන්වන්නට මෙවැනි අවස්ථාවන් ඉතා ප්‍රයෝජනවත් වේ.
මෙස්සිනා, පලේර්මෝ අධිවේගී මාර්ගයේ Faicone නම් ගම්මානයට හැරී මඳ දුරක් ගියවිට තින්දරී නම් සුන්දර ගම්මානයේ ආකර්ෂණීය කඳු ගැටයක් මත මෙම දෙව්මැඳුර ඉදිකර ඇත. මෙහි විශේෂත්වය මෙහි ඇති දේව මාතා ප්‍රතිමාව කාල වර්ණ ප්‍රතිමාවක් වීමයි.
19 වැනි වරට පැවැත්වූ තින්දරී මහා මංගල්‍යයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ගරු ඉඳුනිල් ජනකරත්න මාහිමිපාණන් වූ අතර, කතානියා සිරකුසා උපාධ්ය පියවරුන් ද රෝමයේ සිට පැමිණි පියවරුන්ද කතානියා මෙස්සිනා සිරකුසා පලේර්මෝ කල්තජිරෝනේ, නාපොලි, යන ප්‍රධාන නගරවලින් සහ සෙසු නගරවලින් ද ශ්‍රී ලාංකික ජනතාව සහභාගී වූහ. එමෙන්ම කතෝලික මෙන්ම බෞද්ධ ජනතාවද මෙම උතුම් අවස්ථාවට එක් විය. අවසාන වශයෙන් මෙම මංගල්‍ය සාර්ථක කරගන්නට සහයෝගය දැක් වූ සහ සහභාගී වූ සියලුම දෙනාට මෙස්සිනා අධ්‍යාත්මික එඬේරා වන ගරු නෙවිල් ප්‍රනාන්දු පියතුමා සහ කිතුණු සංඝය සිය හෘදයාංගම ස්තූතිය පුද කර සිටී. එහි අවස්ථා කිහිපයක් ඡායාරූපවලින් දැක්වේ.
කාන්ති රතුගම
කතානියා, සිසිලය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd