
සිටියත් එතෙර මගෙ සිත ඇත ලක් දෙරනේ
විසිතුරු මැවේ බුදු වෙසඟේ සිරි තොරණේ
බත් දන් සැල් පුරා මහ සෙනඟින් පිරුනේ
සිරි ලක වෙසක් සිරි හද තුළ පැන නැඟුනේ
බොදු ජනයා පිරී වෙහෙරේ විහාරේ
ගයනව හඬ නගා බොදු ගී සිතාරේ
සිලි සිලි නදින් බුදු බෝ පත් සලාරේ
ගලනව වෙසක් සිරි සිරිලක පිටාරේ
තෙවරක් බුදුන් වැඩි බුදු සිංහල දීපේ
දැන් අනතුරු වැඩියි වැදිලද මොන සාපේ
කරුණ නෙත හෙළා මුදවා ඇති පාපේ
රැක දෙනු මැනවි බුදු සමිඳුනි ලක් දීපේ
මගෙ ලක් බිම වෙසක් සිරි මසිතට දැනුනා
බොදු හැඟුමන් ඇතිව සතුටින් සිත පිරුනා
සම්බුදු බුදු පියාණනි පා බුදු කරුණා
බුදු නෙත් හෙළා රැක දෙනුමැන ලක් දෙරනා
ප්‍රේමා කංකානම්ගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd