IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සරණාගත සංක්‍රමණිකයන් නිසා බොඳවෙන විදේශික දරුවන්ගේ ඉතාලි පුරවැසි සිහිනය

ඉතාලියේ නිත්‍යානුකූලව නේවාසික විදේශික පුරවැසියන්ට දාව ඉතාලියේ දී උපත ලබන දරුවන්ට හා බාල වයසේදීම ඉතාලියට සංක‍්‍රමණය වී නිත්‍යානුකූලව වෙසෙන විදේශික පුරවැසි දරුවන්ට ද ඉක්මන් පුරවැසිභාවය ලබාදීම සඳහා ඉතාලි පුරවැසි පනත සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර වසර ගණනක් ගත වී ඇත. අවසන් වරට මෙම ප‍්‍රතිසංස්කරණ යෝජනාව ඉතාලි පාර්ලිමේන්තුවේ මහජන මන්ත‍්‍රී මණ්ඩලයේ අනුමැතිය ලබා සෙනෙට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද්දේ පසුගිය වසරේ මුල් කාර්තුවේ දී ය. එතැන් පටන්ම මෙම සංශෝධන අනුමැතිය කල් දමමින් සිටින සෙනෙට් මණ්ඩලය දැන් කියන්නේ ඉදිරිපත් කර ඇති සංශෝධන පිළිබඳව සතුටට පත්විය නොහැකි බැවින්, ඒ පිළිබඳව යළි සලකා බැලීම සඳහා නීති උපදේශකයන් වෙත යොමු කළ යුතු බවය.  


ඉතාලියේ උපත ලද හා බාල වයසේ සිටම ඉතාලියේ නිත්‍යානුකූලව නේවාසික විදේශික පුරවැසි දරුවන්ට ඉක්මන් පුරවැසිභාවය ලබාදීම පිළිබඳ ජනරජ ව්‍යවස්ථාවේ අදාළ වගන්ති සංශෝධනය දිනෙන් දින ප‍්‍රමාද වෙද්දී, උක්ත විෂය අරබයා ඉතාලි මහජන මතය ද විදේශික දරුවාට අවාසි සහගත අන්දමින් වෙනස් වෙමින් ඇති බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. සරණාගතයන් ලෙස ඉතාලියට සංක‍්‍රමණය වෙන විදේශික පුරවැසි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමගම ඉතාලියේ විදේශික පුරවැසි නියෝජනය පිළිබඳව මහජන අප‍්‍රසාදයක් පැනනැගෙමින් ඇත. මෙම අප‍්‍රසාදය ඉතාලියේ උපත ලද හා බාල වයසේ සිටම ඉතාලියේ නිත්‍යානුකූලව නේවාසික විදේශික පුරවැසි දරුවන්ට ඉතාලි පුරවැසිභාවය ලබාදීම කෙරෙහි ද බලපා ඇත.  


පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී කරන ලද සමීක්ෂණයකින් හෙළිවූවේ ඉතාලියේ උපත ලැබූ හා බාල වයසේ සිටම ඉතාලියේ නේවාසික විදේශික දරුවන්ට ඉක්මන් පුරවැසිභාවය ලබාදීම පිළිබඳව ඉතාලි ජනගහනයෙන් සියයට තිස්නවයක ප‍්‍රතිශතයක් පමණක් අකමැති බවය. එහෙත් අද වන විට මෙම ප‍්‍රතිශතය සියයට පනස් තුනයි දශම එක දක්වා වර්ධනය වී ඇත.  


ඉතාලියේ දේශපාලන පක්ෂ තුළ ද උක්ත සංශෝධනයට එරෙහි පිරිස වැඩිවෙමින් ඇත. හිටපු අගමැති බෙර්ලුස්කෝනි පවසන්නේ ඉතාලියේ නේවාසික විදේශික දරුවන්ට ඉක්මන් පුරවැසිභාවය ලබාදීම පිළිබඳව මෘදු ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නවුන්ට, ඊළඟ මැතිවරණයේදී තම පක්ෂයෙන් තරග කිරීමට අවස්ථාව නොදෙන බවය. බෙර්ලුස්කෝනිගේ ‘‘ෆෝර්ස ඉතාලියා’’ දේශපාලන පක්ෂය තුළ ජනරජ ව්‍යවස්ථාවේ පුරවැසි පනත විදේශික දරුවන්ට වාසි සහගත අන්දමින් සංශෝධන කිරීම පිළිබඳව 2016 වසරේදී සියයට පනස් එකයි දශම තුනක පිරිසක් විරෝධය පළ කළ අතර මේ වනවිට එම පක්ෂය තුළ උක්ත සංශෝධනය සම්බන්ධව සියයට හැත්තෑ එකක පිරිසක් විරෝධය පළ කරති.  


ඉතාලියේ විදේශික දරුවන්ට ඉක්මන් පුරවැසිභාවය ලබාදීම පිළිබඳව පාර්ලිමේන්තුව තුළ මෙන්ම මහජනතාව අතර ද විරෝධය වර්ධනය වීමට ප‍්‍රධානම හේතුව වී ඇත්තේ දිනෙන් දින සරණාගත වෙසින් අසීමිතව ඉතාලියට සංක‍්‍රමණය වෙන කළු ජාතිකයන්ය. (අප‍්‍රිකා-අරාබි) - ඉතාලියට සරණාගතයන් ලෙස සංක‍්‍රමණය වෙන කළු ජාතිකයන්ගේ සංඛ්‍යා ලේඛනයන් පිරික්සීමේදී පෙනී යන්නේ ඉතාලිය තුළ විදේශිකයන් අරබයා ලියලමින් පවතින විරෝධය අසාධාරණ නැති බවය.  


විදේශික පුරවැසි දරුවන්ට ඉක්මන් පුරවැසිභාවය ලබාදීම සඳහා ඉතාලි පුරවැසි පනතේ සංශෝධනයට ජනතාව අතර මෙන්ම පාර්ලිමේන්තුව තුළ ද අප‍්‍රසාදයක් බිහිවීමට හේතු වී ඇත්තේ මෙයයි. මෙම අප‍්‍රසාදයට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ඉතාලියේ ඉක්මන් පුරවැසිභාවය බලාපොරොත්තුව සිටින විදේශික දෙමාපියන්ට දාව ඉතාලියේ උපත ලද දරුවන්ට හා බාල වයසේදීම ඉතාලියට සංක‍්‍රමණය වී ඉතාලියේ අධ්‍යාපනය ලබමින් සිටින විදේශික දරුවන්ටය.  


යටියන
ක්ලැරන්ස් කොස්තා 
​ෙෂසානෝ, රෝමය, ඉතාලිය   



අදහස් (0)

සරණාගත සංක්‍රමණිකයන් නිසා බොඳවෙන විදේශික දරුවන්ගේ ඉතාලි පුරවැසි සිහිනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1047 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site