IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සයිප‍්‍රසයේ 13වැනි කඨින මහා පින්කම මහත් හරසරින් නිමාව දුටුව වගයි

 

ඒ උතුම් චීවර මාසයේ කුසල් දහම් වඩවා ගන්නට අප ඉමහත් භාග්‍යවන්තයෝ වූයෙමු. 13වැනි වරටත් සයිප‍්‍රස් ශ‍්‍රී ලංකාරාම විහාරස්ථානයෙහි සතර පේරුවේ ද‌ායක ද‌ායිකාවන්ගේ ආරාධනාවෙන් වස් සමාදන් වූ උපසපන් භික්ෂූන් වහන්සේලාගේ වස් පවාරණයෙන් ඒ උත්තරීතර අවස්ථාව අප ලැබූයෙමු. 


යුරෝපයේ වැසියන්ගේ නෙතට උළෙලක් සපයමින් දර්ශනීය කඨින පෙරහරක්, රැය පහන්වනතුරු පැවැති පිරිත් දේශනයක් පළමු දින සයිප‍්‍රසයේ නිකෝෂියා නගරය කේන්ද්‍ර කරගනිමින් පැවත්විය. එමෙන්ම පසුදින අලුයම කිරි ආහාර පූජාවක්, සංඝගත දක්ෂිණාවක්, කඨින චීවරය සඝසතු කිරීම සහ කඨිනානිශංස ධර්මදේශනයක් ආදියෙන් සමන්විතව පින්කම් මාලාව ලිමාසෝල් නගරය ආශ‍්‍රිතව සිදුවිය. 


තමන් සතු සියල්ල හැරපියා නන්නාඳුනන රටකට පැමිණි සිරිලක් අම්මාගේ දුවාදරුවන් බොදු සුවඳින්, බුදු බණින් පෝෂණය කරමින්, අවවාද අනුශාසනා දෙමින් මඟහසර පෙන්වූයේ සයිප‍්‍රසයේ ශ‍්‍රී ලංකාරාමාධිපති, සයිප‍්‍රසයේ ප‍්‍රධාන සංඝනායක මොරවක සෝරත නායක ස්ථවිරයන් වහන්සේය. එමෙන්ම අප කෙරෙහි අනුකම්පාවෙන් වස් වසා සයිප‍්‍රසයේ වැඩ සිටි කැකිරාව සිරි ගුණරතන පිරිවේණාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත‍්‍රපති පඩිකාරමඩුවේ චන්දිම ස්ථවිරයන් වහන්සේට අපගේ නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරන්නෙමු. එමෙන්ම කඨින පින්කම් මාලාව ආලෝකමත් කරමින් ඒ සඳහා වැඩමවා වද‌ාල මහමෙව්නා අසපුවාසී ගරුතර මහා සංඝරත්නයට අප නමස්කාර පෙරටුව පුණ්‍යානුමෝදනා කරන්නෙමු. තවද ශ‍්‍රී ලංකාවෙන් වැඩම කරවන ලද ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පින් දිය යුතුමය. මන්ද මේ සැබෑ බුද්ධ පුත‍්‍රයන් වහන්සේලා අපට දක්වන ලද ඒ මාහැඟි කරුණාව නොවන්නට අපට කුසල් දහම් වඩවා ගන්නට අවස්ථාවක් නොලැබෙන නිසාමය. 


තුඩතුඩ රාව නංවමින් සාදු නාදය දෙව්, මිනිස්, බඹ ලොව පුරා ඇසෙමින් කාලගුණයේ විවිධ වෙනස්කම් හමුවේ නොසෙල්වී සියලු කටයුතු ඉටුකරගන්නට වෙහෙස මහන්සි වූ සයිප‍්‍රසයේ ශ‍්‍රී ලංකාරාම බෞද්ධ සංගමයේ සියල්ලන්ටම අප මේ කුසල් අනුමෝදම් කරමු. වසරකට වරක් එළඹුන ඒ මහාර්ඝ පුණ්‍ය කටයුත්තෙන් දෙලොවටම හිතසුව පිණිස කුසල් කෙත අස්වද්දවා ගත් සියල්ලටම ප‍්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. 


දිනිති දීපිකා, 
මාධ්‍ය ඒකකය, 
ශ‍්‍රී ලංකාරාමය - සයිප‍්‍රස.   

 



අදහස් (0)

සයිප‍්‍රසයේ 13වැනි කඨින මහා පින්කම මහත් හරසරින් නිමාව දුටුව වගයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site