IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සයිප්‍රසයේ ප්‍රධාන සංඝ නායක සෝරත හිමි ජන්ම දින සැමරුම

 

සසර බියකරුය. එහි ඇත්තේ යන එන නොනිමි දුක්ඛිත ගමනක්ය. තැනකින් පිටත්වී යන සැනින් තව තැනක එල්ලී හමාරය. මේ සංසිද්ධිය අප කාටවත් වෙනස් කළ නොහැක. මඟහැරදා පලා යා නොහැක. එසේ කළ යම් කෙනෙක් වේද, එසේ කළ හැකි යම් කෙනෙක් වේද එසේ යම් දිනක කරන්නෙක් වේද ඒ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමෙන් පමණි.  


නිර්වාණය ද ඔබට මට ඕනෑ වෙලාවට ලබාගත නොහැකිය. නිර්වාණය සාක්ෂාත් කළ හැක්කේ බුදුකෙනෙක් ලොව පහළ වී සද්ධර්මය පවතින කාලයක පමණක්මය. මේ ලොව වැඩිහරියක්ම ඇත්තේ අබුද්ධෝත්පත්ති කාල නොහොත් බුද්ධ ශූන්‍ය කාලයන්ය. ඉදින් අප බුද්ධෝත්පත්ති කාල ගැන පෙරුම් පුර පුරා මේ සසරෙහි අනන්තවත් ගමන් කරන්න ඇත. ඒ ආ පැතුමන් මහා සම්භාරයක් ඉටුවී සියලු ක්ෂණ සම්පත් සම්පූර්ණ වී මේ භවයෙහි අප උපත ලබා ඇත. නමුත් ඒ භවයේ අප අද ඉන්නේ කොතැනද? අප යන්නේ කොතැනටදැයි අපම තීරණය කරගෙන කටයුතු කරගත යුතු මනාය.  


මේ ගෙවෙන්නේ උතුම් වූ වස්සාන කාලයයි. වස් කාලය යනු බොදුනුවන්ට පින් කුසල් වඩවාගන්නට මනා පිටුබලයක් ලැබෙන කාල වකවානුවකි. ලොව කොතැනක සිටියත් ඉහත සඳහන් කළ ක්‍ෂණ සම්පත් ඇතිව අප ඉපැදුන බැවින් අප අවාසනාවන්තයෝ නොවෙමු. අප යැයි පැවසූයේ මේ ලියුම්කරු පවසන සයිප‍්‍රසයේ බොදුනුවන්ය. සයිප‍්‍රස් බොදු බැතිමතුන්ට වස්සාන කාලයත් නිකිණි මසත් පින්වන්තම කාලයකි. ඒ මන්ද යත් ඔවුන් සැම තම තම ප‍්‍රමාණයෙන් පින්කම් පවත්වන්නට වෙහෙසෙති.   

 

 


දැඩි සූර්ය රශ්මියෙන් පීඩා විඳිමින් තම සේවා ජීවිතය ගෙවා හමාර කර ඔවුන් අගෝස්තු මස පින් වැඩෙන පින්කම්වල නිරතවෙන්නේ තමන්ගේ යුතුකමක් ඉටුකළ යුතුයැයි සිතන නිසාමය. ඉදින් මේ සියල්ලට හේතු පාදක වෙන්නේ සයිප‍්‍රසයට බුදුදහම ගෙනා අපේ නායක ස්වාමින්වහන්සේගේ ජන්ම දිනය යෙදෙන්නේද අගෝස්තු මාසයේ දිනයකම නිසාය.  


කැලණිය වේවැල්දූවේ නාගරුක්ඛාරාමය, සයිප‍්‍රසයේ ශ‍්‍රී ලංකාරාමය යන උභය විහාරාධිපති, සයිප‍්‍රසයේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍යපාද මොරවක සෝරත නා සමිඳුන් වෙනුවෙන් සයිප‍්‍රසයේ වැසියන් සෑම වසරකම අගෝස්තු මස තම ආදරය, ගෞරවය පුදකිරීමට අමතක නොකරති. උන්වහන්සේගේ ජන්ම දිනය වනාහි සයිප‍්‍රසයේ අප කුසල් දහම් වඩවාගන්නා සුවිශේෂී දිනයක් වීම විශේෂයකි.  


පසුගිය වසරවල සේම මේ වසරේද අගෝස්තු මාසය පුරාම සයිප‍්‍රසයේ ප‍්‍රධාන නගර ආශ‍්‍රිත විවිධ පින්කම් පැවැත්විණි. අටවිසි බුද්ධ පූජා, දළදා පූජාවන්, සිව්බුදුවරු, සත්බුදුවරු වන්දනා ආදිය එවන් අසිරිමත් පින්කම්ය. මේ සෑම පින්කමක්ම ඒ ඒ නගරවලවැසියන් ස්වාමින් වහන්සේ කෙරෙහි අපමණ භක්ත්‍යාදරයෙන් යුතුව සංවිධානය කළ පින්කම් වූහ.  

 


එලොවත් මෙලොවත් සෙත සාදා ගැනීමට අපේ නායක ස්වාමින් වහන්සේගේ ජන්ම දිනය සිහිකරමින් සයිප‍්‍රසයේ මෙලෙස පින් කුසල් වඩවාගත්තා සේම ලංකාවේද කැලණිය වේවැල්දූව නාගරුක්ඛාරාම විහාරස්ථානයේ විශේෂ පින්කම් පවත්වන ලදී.  


මේ සියලු කුසල් දහම් අපේ නායක ස්වාමින්වහන්සේටද අනුමෝදන් කරන අතර පැවිදි දිවියේ තිස්හය වැනි වසරටද ජීවිත ගමනේ පනස් එක්වැනි වසරටද පා තැබූ අපේ මොරවක සෝරත නායක ස්වාමීන්වහන්සේට චිරාත් කාලයක් සම්බුදු සසුන බබළවමින් සසුනඹරෙහි පහනක් වී පින්දහම් වඩවාගන්නට හැකිවේවා යන්න අප සැමගේ ප‍්‍රාර්ථනාවයි. උන්වහන්සේගේ යතිවර ජීවිතය තව තවත් දියුණු පමුණු වී මෙලොවත් පරලොවත් ජයගන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි අප එක්සිත්ව පතන්නෙමු.  


දිනිති දීපිකා  
මාධ්‍ය ඒකකය  ශ‍්‍රී ලංකාරාමය - සයිප‍්‍රසය 

 



අදහස් (0)

සයිප්‍රසයේ ප්‍රධාන සංඝ නායක සෝරත හිමි ජන්ම දින සැමරුම

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13267 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site