සෞදි අරාබියේ වසර පහළොවක් වැනි දීර්ඝ කාලයක් රැකියාව කරමින් සමාජ මෙහෙවරක යෙදුනු දමාම් අල් කොබාර්හි පයිප්ප වැද්දුම්කරුවකු ලෙස සේවය කළ ලලිත් ගුණරත්න (47) මහතා හදිසියේ රෝගාතුරව රෝහල්ගත කිරීමෙන් අනතුරුව පසුගියදා අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල උපත ලද දෙදරු පියෙකු වූ ලලිත් ගුණරත්න මහතා සෞදි නැගෙනහිර පළාතේ සමාජ සේවා ක්‍රියාධරයකු වූ අතර නැගෙනහිර පළාතේ ශ්‍රී ලාංකිකයන්ගේ ආදරයට සහ ජනාදරයට පාත්‍රවූ සුහදශීලි පුද්ගලයෙකි.
මේ වනවිට ඔහුගේ දේහය දමාම් රජයේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර ඉතා කෙටි කාලයක් තුළදී මව්බිමට යැවීමට කටයුතු කරන බව නැගෙනහිර පළාත තානාපති සුබසාධන කටයුතු මෙහෙයවන චාලි තලයරත්න මහතා පැවසීය.
චාලි තලයරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ ලලිත් ගුණරත්න මහතා සේවය කරන ලද ආයතනය සමඟ කරන ලද සාකච්ඡාවකින් අනතුරුව සෞදි රියාල් 25,000 මුදලක් යැපෙන්නන් වෙනුවෙන් ලබා ගැනීමට මේ වනවිටත් කටයුතු කර ඇති බවයි.
ඔහුගේ මරණය පිළිබඳව සියලු නීතිමය කටයුතු කරමින් පවතින අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ද දන්වා ඇති බව ද තලයරත්න මහතා පැවසීය.
ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබිය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සමාජ ක්‍රියාධරයකු සෞදියේදී මියගිහින්