

සෞදි අරාබියේ රියාද් නුවර කිතුණු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් 2019 දෙසැම්බර් හත්වැනි දින (7) රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී නත්තල් සැමරුම් උත්සවයක් ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
මෙම නත්තල් සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලාංකිකයින් ඇතුළු විවිධ ජාතීන්ට අයත් විශාල පිරිසක් සහභාගී වූ අතර කිතුණු බැතිමතුන්ගේ සාම්ප්‍රදායික සංස්කෘතීන්ට අනුව කැරොල් ගී, කිතුණු බැති ගායනා, නාට්‍ය මෙන්ම විවිධ විශේෂාංග විශාල ප්‍රමාණයක් දැකගන්නට හැකි විය.
මෙම නත්තල් සැමරුම සඳහා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කැරොල් බැති ගී සංග්‍රහයක් ද ඉදිරිපත් කිරීම විශේෂිත විය.
ඡායාරූප: සමන් දර්ශන
සටහන
ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd