IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


​සෞදි දමාම් අල් බිබී වැටුප් ප්‍රශ්නය විසඳා දෙන්න

ශ්‍රී ලාංකික සේවකයන්ගෙන් ආයාචනයක්

සෞදි අරාබියේ දමාම් නගරයේ ‘අල් බිබී’ නම් වූ වෙ​ෙළද දැන්වීම් ප්‍රචාරණ ආයතනය මගින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙත කරන අසාධාරණයක් පිළිබඳව අවධානය යොමු කරන ලෙස රජයෙන් ඉල්ලයි.   


මෙම ආයතනයේ වසර 15කට අධික කාලයක් ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකු විවිධ අංශයන්හි රැකියාව කරන අතර මෙම ආයතනය මගින් වෙ​ෙළඳ ප්‍රචාරණ දැන්වීම් ආදිය සැපැයුම් හා සවිකිරීම් කරනු ලබයි. දැන්වීම් යන්ත්‍ර කාර්මික (ඔපරේටර්), ආයතන ලේකම්, යාන්ත්‍රික චිත්‍ර ඇඳීම කරනුයේ ශ්‍රී ලාංකිකයන් වන අප විසිනුයි.   


මෙම ආයතනය විසින් වසර තුනක පමණ කාලයක සිට නියමිත වේතන ගෙවීම පැහැර හැර ඇති අතර මාස කිහිපයකට එක වරක් එක වැටුපක් පමණක් ලබාදීම අහඹු ලෙස සිදු කරයි. මේ වනවිට අපගේ හිඟ වැටුප් වසර දෙකේ සිට තුන දක්වා කාලයක ලබා ගැනීමට ඇත. තව ද සෞදි අරාබියේ රැඳී සිටීමේ බලපත් ද කාලය ඉක්ම ගොස් ඇති මුත් දීර්ග කිරීමක් සිදු නොවීම හේතුවෙන් අප ඉතාමත්ම අසරණභාවයට පත්ව ඇත.   


කෙසේ වුව ද දැනට වසර දෙකකට පෙර සිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ CN/123/1710 යටතේ පැමිණිලි කර කිහිප වරක් කාර්යාංශයේ කැඳවීම් සඳහා ගිය ද මෙතෙක් කිසිදු ප්‍රතිඵලයක් නොමැති වීම කනගාටුවට කරුණකි.   


රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද කිහිප වරක් පැමිණිලි කර ඇති මුත් තානාපති කාර්යාලයීය නිලධාරීන් දෙදෙනකු පැමිණ ආයතන ප්‍රධානීන් හමුවී සුහදව කතා කර වැටුප් ඉදිරි කාලයේදී ලැබෙන බව පවසා නික්ම ගිය නමුත් මේ ​වනතෙක් කිසිදු වැටුපක් හෝ කිසිදු ප්‍රතිලාබයක් අප වෙත ලැබී නැත.   


අද දින අපේ මුදලින් හෝ ලංකාවේ හදිසි කරදරයක් සිදු වුණි නම් ගුවන් ටිකට් පත සඳහා හෝ ආයතනය විසින් ලබා දීමට මුදල් නොමැති බව පාලන අධිකාරිය පවසයි. මේ ​වනවිටත් අප ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනාගේ පවුලේ ආර්ථික ප්‍රශ්න ඉහ වහා ගොස් ඇති අතරම අවම වශයෙන් රුපියල් දහසක් හෝ මවුබිමට යැවීමට හැකියාවක් නොමැති බව කියනුයේ කනගාටුවෙනි.   


වැටුප් හැරුණු විට වුව ද සමහර සේවකයින් හට අඩුම වශයෙන් ආයතනයෙන් ප්‍රතිලාබ (බෙනිෆිට්) සෞදි රියාල් ලක්ෂය ඉක්මවා ගොස් ඇත. ශ්‍රී ලංකාවේ විදේශ විනිමයට එක්​ෙවන මෙම අතිවිශාල මුදල් ප්‍රමාණය කෙදිනක අප වෙත ලැබේ ද යන්න සැක සහිතය.   


මේ පිළිබඳව වහාම සොයා බලා හිඟ වැටුප් සහ දීමනා ලබා ගැනීමට රජයේ ඍජු මැදිහත් වීමක් අවශ්‍ය බව අවධාරණය කරමු.   

 


රන්ජිත් මහදුර   
ලුර්තසෙන ෂන්මුගන්   
ඩී.කේ.ඩබ්ලියු. බණ්ඩා   
සටහන  ලලිත් ප්‍රේමලාල්   
දමාම් සිට.



අදහස් (0)

​සෞදි දමාම් අල් බිබී වැටුප් ප්‍රශ්නය විසඳා දෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site