IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත නගාසිටුවීමට Cinnamon වෙතින් ’Bring a Friend Home’ ප්‍රවර්ධන වැඩසට

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය මෙම වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් පිරිනමන ලද චෙක්පත භාර ගනිමින්...

 

 

Cinnamon හෝටල් සමූහයෙහි 'Bring a Friend Home' (BAFH) ප්‍රවර්ධන වැඩසටහන තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට නව ජීවයක් ලබාදීමට මෙන්ම මෙරට සංචාරක කර්මාන්තය මුහුණ පා සිටින අභියෝගයන් ජය ගැනීම සඳහා සුවිශේෂී නවෝත්පාදනයක් හඳුන්වා දී තිබේ. මෙම BAFH වැඩසටහන මගින් මෙරට මෙන්ම විදෙස්ගතව වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ මෙරට වෙසෙන විදේශිකයන් ආකර්ෂණීය පැකේජ පෙළක් හරහා ඔවුන්ගේ විදෙස් හිතමිතුරන් මෙරටට කැඳවීම සඳහා දිරිගන්වනු ලැබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ලෝකයා තුළ ශ්‍රී ලංකාව වෙත නොපමාව පැමිණීමේ හැඟීමක් සන්නිවේදනය කිරීම සහ අන්තර්ජාලය පදනම් කොට ගත් මාධ්‍ය තුළින් මෙරට සංචාරයන් සඳහා ඉතා ආරක්‍ෂිත ගමනාන්තයක් යන පණිවිඩය ලොව පුරා ප්‍රචලිත කිරීමය. මෙම වැඩසටහන වර්තමානයේ ශ්‍රී ලංකාව සඳහා වඩාත් අවශ්‍යව ඇති ධනාත්මක ප්‍රචාරයක් ලැබෙන අයුරින් නිර්මාණය කොට තිබේ.  


Bring a Friend Home ප්‍රවර්ධන වැඩසටහනට සහභාගිවීම සඳහා කළ යුත්තේ ලියාපදිංචි වීම, ආරාධනා කිරීම, ආරාධනය පිළිගැනීම, සංචාරයේ නිරතවීම යන සරල පියවර 4 අනුගමනය කිරීමය. මෙරට හෝ විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ නේවාසික වීසා මත ශ්‍රී ලංකාවේ වාසය කරන විදේශිකයන් තම විදේශීය මිතුරෙකු නම් කරමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලබයි. ඒ සඳහා ප්‍රථමයෙන් www.bringa​friendhome.com වෙත පිවිස තම නම, විද්‍යුත් තැපැල් ලිපිනය සහ සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය අැතුළත් කොට ලියාපදිංචි වීම කළ යුතුය. මේ අනුව අයදුම්කරුට Email, Whatsapp, Facebook හෝ Twitter මාධ්‍යයන් ඔස්සේ විදෙස්ගත හිතමිතුරන් එක් කෙනකුට හෝ වැඩි පිරිසකට ආරාධනා කිරීමේ අවස්ථාව උදාවේ. මෙම ආරාධනා 2019 ජූලි මස 30 වැනි දින සිට දෙසැම්බර් 15 වැනි දින දක්වා යොමු කිරීමේ හැකියාව ඇති අතර ආගන්තුකයන් ශ්‍රී ලංකාව වෙත පැමිණීමේ කාලය ද ඒ අතර විය යුතුය.  


ඉන් අනතුරුව ආරාධිතයා වන විදෙස් ගමන් බලපත්‍රයක් හිමි විදේශිකයකුට හෝ විදෙස් රටක වාසය කරන ශ්‍රී ලාංකිකයකුට www.bringafriendhome.com ප්‍රවර්ධන වෙබ් අඩවියේ ඇති පැකේජවලින් එකක් හෝ වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීම මගින් ආරාධනය පිළිගත හැක. මෙම පැකේජ විශේෂයෙන් සකස් කොට ඇත්තේ වෙරළ තීරයන්, සොබාදම් ඉසව්, වික්‍රමාන්විත පරිශ්‍රයන්, නගර සංචාරයන් ආදිය තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රදානයන් පිළිඹිබු වන අයුරිනි. ආරාධිතයන් 2019 අගෝස්තු 1 වන දින සිට දෙසැම්බර් 15 වන දින දක්වා අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කළ යුතුය. දිනුම් ඇදීම සඳහා ද වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු අතර දිනුම් ඇදීම 2020 ජනවාරි මාසයේදී පැවැත්වේ. සියලුම සංචාරයන් සහ ලියාපදිංචි වීම් 2019 දෙසැම්බර් 15 වන දින හෝ ඊට පෙර නිම කළ යුතුය. ජයග්‍රාහකයන් වන ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් සඳහා ප්‍රථම ත්‍යාගය වශයෙන් Cinnamon Life සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ වසරක කාලයක් නොමි​ෙල් නවාතැන් ගැනීමේ අවස්ථාව හෝ වසර 3ක කාලයකට වලංගු පරිදි ශ්‍රී ලංකාවේ පිහිටි Cinnamon හෝටල් දෙකක දෙදෙනකු සඳහා දින 7ක නිවාඩුවක් යන දෙකෙන් එකක් තෝරා ගත හැකිය. ඊට අමතරව Colombo Jewellery Stores වෙතින් රුපියල් 499,999ක් වටිනා තෑග වවුචර් ද ප්‍රථම ස්ථානය සඳහා පිරිනැමේ. දෙවැනි ස්ථානය හිමිකර ගන්නා ජයග්‍රාහකයා සඳහා වසර 2ක කාලයකට වලංගු වන පරිදි ශ්‍රී ලංකාවේ පිහිටි Cinnamon හෝටල් දෙකක දෙදෙනකු සඳහා රාත්‍රී 7ක නිවාඩුවක් පිරිනැමේ. තෙවැනි ස්ථානය සඳහා ගුවන් තොටුපලේ සිට යාමට සහ ඒමට ප්‍රවාහන පහසුකම් ද සහිතව මාලදිවයිනේ පිහිටි Cinnamon හෝටලයක දෙදෙනකු සඳහා රාත්‍රී 5ක නිවාඩුවක් පිරිනැමේ. 


ප්‍රථම ස්ථානය දිනූ සංචාරක හිතමිතුරා වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වන්නේ ගුවන් තොටුපොළේ සිට යාමට හා ඒමට ප්‍රවාහන පහසුකම් ද සහිතව මාලදිවයිනේ පිහිටි Cinnamon හෝටලයකට දෙදෙනකු සඳහා රාත්‍රී 5ක නිවාඩුවක් සමගින් Colombo Jewellery Stores වෙතින් පිරිනැමෙන නිල් මැණික් ගලක් එබ්බ වූ රුපියල් 1,000,000ක් වටිනා මුදුවකි. දෙවැනි ස්ථානය සඳහා ගුවන් තොටුපළේ සිට යාමට හා ඒමට ප්‍රවාහන පහසුකම් ද සහිතව මාලදිවයිනේ පිහිටි Cinnamon හෝටලයක දෙදෙනකු සඳහා රාත්‍රී 5ක නිවාඩුවක් පිරිනැමේ.  


මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කරන ලද්දේ මෙරටට සංචාරකයන්ගේ පැමිණීම තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සඳහා නව ජීවයක් ලබාදීම සඳහා Cinnamon විසින් දක්වනු ලබන දායකත්වයේ පියවරක් ලෙසය. සියලු දේශීය කර්මාන්තවල ක්‍රියාකාරී සහභාගිත්වය ද සමගින් හඳුන්වා දෙන ලද මෙම නවෝත්පාදනය යටතේ Cinnamon, දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් දිරිගැන්වීමේ නිතර වෙමින් සංචාරක කර්මාන්ත​ෙය් ආදර්ශමත් වෙනසක් ඇති කිරීම සඳහා පෙරමුණ ගෙන සිටී. ශ්‍රී ලාංකික රූ රැජිණක් වූ, වර්තමානයේ අතිශයින් ජනප්‍රිය බොලිවුඩ් තාරකාවක් වන ජැකලින් ෆර්නැන්ඩස් මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව වෙත පැමිණීම තහවුරු කළ ප්‍රථම ආගන්තුකයා වන අතර අ​ෙගා්ස්තු මුල් සතියේදී ඇය ඒ සඳහා ආරම්භයක් ලබා දෙමින් තම උපන් දිනය සැමරීම සඳහා බොලිවුඩ් හිතමිතුරන් 15 දෙනකු සමගින් ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය. 


මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.bringafriendhome.com වෙබ් අඩවියෙන් ලබාගත හැක.   

 

 

 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත නගාසිටුවීමට Cinnamon වෙතින් ’Bring a Friend Home’ ප්‍රවර්ධන වැඩසට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 515 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site