IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


වයස අවුරුදු අනූව ඉක්මවූවෝ හැට දහසක් ඉතාලියේ රිය පදවති

 

වයස අවුරුදු අනූව ඉක්ම වූ හැටදහසක පිරිසක් ඉතාලි මහාමාර්ගවල රිය පදවන බව ඉතාලි මෝටර් රථ කොමසාරිස් කාර්යාලය වාර්තා කරයි. වයෝවෘද්ධ රියැදුරන් විසින් කරනු ලබන රිය අනතුරු දිනෙන් දින ඉහළ යමින් ඇති බැවින්, වැඩිහිටි රියැදුරු බලපත‍්‍ර අලුත් කිරීමේදී දැඩි නීතිරීති අනුගමනය කරන ලෙස ඉතාලි පොලිසිය මෝටර් රථ කොමසාරිස් කාර්යාලයට දන්වා ඇත.  


දෙදහස් විස්ස වනවිට ලොව පුරා වයෝවෘද්ධ පරම්පරාව අද මෙන් දෙගුණයක් වන බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. දැනට වයස අවුරුදු හැට ඉක්ම වූ මිලියන නවසීයක් වන ලෝවැසි ජනතාව 2020 වනවිට බිලියන දෙක දක්වා ඉහළ යනු ඇතැයි කියැවේ. එය ඒ වනවිට වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ සංඛ්‍යාව මෙන් දෙගුණයක් වනු ඇත. 


ආයු ප‍්‍රමාණය දීර්ඝම පුරවැසියන් වෙසෙන රටවල් අතර ඉතාලිය දෙවැනි වන්නේ ජපානයට පමණි. ඉතාලි ජනග‍හණයෙන් සියයට විසි එකයි දශම හතරක ප‍්‍රතිශතයක් වයස අවුරුදු 65 ඉක්මවූවෝ වන අතර, සියයට හයයි දශම හතරක ප‍්‍රතිශතයක් වයස අවුරුදු 80 ඉක්මවූවෝ ලෙස වාර්තා වේ. අදාළ විෂය සම්බන්ධව සංඛ්‍යා ලේඛනවලට අනුව ජර්මනිය හා පෘතුගාලය පිළිවෙලින් ඉතාලියට පසුබා සිටිති. 


පසුගිය වසර දහයක කාලය තුළ වයස අවුරුදු සියය ඉක්ම වූ ඉතාලි ජාතිකයන්ගේ සංඛ්‍යාව දසදහසේ සිට දහහත්දහස දක්වා ඉහළ ගොස් ඇත. 2007 වසරේ සංඛ්‍යා ලේඛනයන්ට අනුව හාරලක්ෂ හැටහයදහස් හත්සියයක් වූ වයස අවුරුදු 90 ඉක්මවූවන්ගේ සංඛ්‍යාව, 2017 වනවිට හත්ලක්ෂ විසිහත්දහස දක්වා වැඩි වී ඇත. 


ඉතාලියේ වයෝවෘද්ධ දෙමාපියෝ බොහෝ විට තම දූ දරුවන්ගෙන් වෙන්ව ජීවත්වීම හේතුවෙන් තම කාර්යයන් තනිවම කරගැනීමට පෙළඹ සිටිති. අනුනට බරක් නොවී තම අවශ්‍යතාවන් පිරිමසා ගැනීම සඳහා සුඛෝපභෝගී බවේ සංකේතයක් ලෙස නොව, අත්‍යවශ්‍ය අංගයක් ලෙස මෝටර් රථ පාවිච්චිය වයෝවෘද්ධ පරම්පරාවට පිටුවහලක්ය. 


වයස අවුරුදු අනූව ඉක්ම වූ හැටදහසක පිරිසක් වලංගු රියැදුරු බලපත‍්‍ර සහිතව ඉතාලි මහාමාර්ගවල රිය පදවති. රෝම නගර සභා ප‍්‍රදේශය තුළ පමණක් මෙම පිරිස පන්දහස් හාරසිය හැත්තෑ එකකි. 


දෙදහස් දහසය වසර තුළ පමණක් රෝම නගර සීමාව තුළ සිදුවූ රිය අනතුරුවලින් සියයට තිස්එකක ප‍්‍රතිශතයක් වයස අවුරුදු 65 ඉක්මවූවන්ගේ වරදින් සිදුවූ අනතුරුය. මෙම අනතුරුවලින් හතළිස් හතර දෙනකු මියගොස් ඇත. බරපතළ තුවාල ලබා ඇති සංඛ්‍යාව පන්සිය දෙනෙකි. මේ රෝම නගර සීමාව තුළ පමණි. මෙම සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බව රෝ්ම රථවාහන පොලිසිය කියයි. 
වයස අවුරුදු අසූව ඉක්මවූවන්ගේ රියැදුරු බලපත‍්‍රය සෑම වසර දෙකකටම වරක් අලුත් කළ යුතු බව ඉතාලි මාර්ග නීති සංග‍්‍රහයේ සඳහන්ය. එහෙත් රියැදුරු බලපත අලුත් කිරීමේදී දෘෂ්ඨි පරීක්ෂණයකට මිස වෙනත් වෛද්‍ය පරීක්ෂණයකට හෝ රියැදුරු ප‍්‍රායෝගික පරීක්ෂණයකට හෝ මෙම පිරිස යොමු කිරීමේ සම්ප‍්‍රදායක් ඉතාලියේ අනුගමනය නොකෙරේ. හදිසි අවස්ථාවකදී වයෝවෘද්ධ රියැදුරන්ගේ අවයව ප‍්‍රතිචාරය මන්දගාමී වීම රිය අනතුරු වැඩිවීමට හේතුව වී ඇති බව ඉතාලි පොලිසිය කියයි. ඉතාලියේ වයස අවුරුදු අනූව ඉක්මවූවන්ගෙන් වැඩි දෙනකු විටින් විට අලුත් කරමින් පාවිච්චි කරන්නේ මීට වසර හැත්තෑවකට පමණ පෙර නිකුත් කරන ලද රියැදුරු බලපත්ය. 


වැරදි මංතීරුවලට ප‍්‍රවේශ වීමෙන් සිදුකර ඇති අනතුරුවලින් සියයට දහහතරක ප‍්‍රතිශතයක වැරදිකරුවෝ වයස අවුරුදු 70 ඉක්මවූවෝය. අධිවේගී මාර්ගවල වේග සීමාව ඉක්මවා රිය පදවමින් කරගන්නා ලද අනතුරුවලින් 2016 වසර තුළ පමණක්, වයස අවුරුදු 80 ඉක්ම වූ ඉතාලි ජාතිකයෝ එකසිය දහයක් මියගොස් ඇත. 


වයස අවුරුදු 80 ඉක්මවූවන්ට වේගය සීමාසහිත වාහන සඳහා පමණක් රියැදුරු බලපත අලුත් කරන මෙන් ද අධිවේගී මාර්ග ඔවුන්ට තහනම් කරන ලෙස ද එසේත් නැතිනම් අනතුරු සංඥා කලින් ලබාදෙන තාක්ෂණය සහිත වාහන සඳහා පමණක් වලංගු වන පරිදි වයස අවුරුදු 80 ඉක්මවූවන්ගේ රියැදුරු බලපත් අලුත් කරන මෙන් ද ඉතාලි පොලිසිය මෝටර් රථවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත. 


යටියන 
ක්ලැරන්ස් කොස්තා, 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය



අදහස් (0)

වයස අවුරුදු අනූව ඉක්මවූවෝ හැට දහසක් ඉතාලියේ රිය පදවති

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

පූර්ණ යුද්ධයක්ද සැත්කම් මහරක්ද
2025 මැයි මස 08 10 0

මාතෘකාව - ඉන්දියාව හා පාකිස්ථානය, පොදු වචන කාශ්මීරය හා යුද්ධය. මේ දකුණු ආසියාවේ නවතම යුද බිය හා බැදුණු වාතාවරණයයි. මේ ලිපිය ලියන මොහොත වෙනවිට කිසිදු යුද


ඉන්දු - පකිස්තාන යුද්ධයක පෙරනිමිති
2025 අප්‍රේල් මස 28 64 0

ඉන්දියාවට අයත් ජම්මු-කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන “රජය” සහ එරට “අයි.එස්.” අංශය සිට


සදා නිහඬ වූ හඬක් නැත්තන්ගේ හඬ
2025 අප්‍රේල් මස 28 18 0

අප කුඩා කාලයේ සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය විෂය සඳහා භාවිත කළ අන්තර්ජාතික කෘතියකි, ප්‍රංශ කතුවර වික්ටර් හියුගෝගේ Les Misérables හෙවත්, අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ලය


ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම
2025 අප්‍රේල් මස 28 13 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථිකයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් මුළු ලෝකයම කම්පනයට පත්වී ඇත. දැන් එය විශාල විවාදයකට, සංවාදයකට හේතු වී ති


ට්‍රම්ප් ට TIK TOK ප්‍රහාරයක්
2025 අප්‍රේල් මස 20 68 0

චීනය ප්‍රහාරක මාවතට අවතීර්ණ වී තිබේ. වෙළෙඳ යුද්ධය හරහා ලෝකයට ලැබෙන ප්‍රධාන පණිවුඩය එයයි. මෙතෙක් චීනය ඇමෙරිකානු හා බටහිර රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාර හමු


බද්දක් වෙතොත් ගෙවිය යුතු පාරිභෝගිකයාය
2025 අප්‍රේල් මස 20 32 0

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පාලනය කිරීම සඳහා මහජනතාව මත බදු පැනැවීමේ ක්‍රමවේදය ආණ්ඩුව තෝරා ගත්තේය. දැන් ආර්ථිකය ස්ථාවර බව ප්‍රකාශ වේ. ඇමරිකාවේ ආණ්ඩු බ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1278 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 329 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site