IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලෙනාඩෝ ඩා වින්චිට මුහුණු සයකි අත් දොළසකි


​ලෙනාඩෝ ඩා වින්චිගේ මරණයෙන් වසර පන්සියයක් ගතවීම නිමිත්තෙන් අමුතුම ආකාරයක මහා ප්‍රදර්ශනයක් ලබන වසරේ මිලානෝ නගරයේදී පැවැත්වීමට කටයුතු සූද‌ානම් වෙමින් ඇත. මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ ඉතාලි රූපලාවන්‍ය ආලේපන හා සුවඳවිලවුන් නිෂ්පාදකයින්ගේ සංගමයයි. සිත්තරෙකු සංගීතඥයෙකු ගණිතඥයෙකු ඉංජිනේරුවෙකු මානව ශරීරයේ මාංශපේෂින්ගේ ව්‍යුහය පිළිබඳව පර්යේෂණ පැවැත්වූ පර්යේෂකයෙකු හා චින්තකයෙකු ට වඩා, මෝස්තර නිර්මාණ ශිල්පියෙකු හා රූපලාවන්‍ය ආලේපන හා සුවඳ විලවුන් නිෂ්පාදකයකු ලෙස ලෙනාඩෝ ඩා වින්චි තුළ තිබූ දක්ෂතාව ලොවට හෙළිකිරීම ​මෙම ප්‍රදර්ශනයේ අරමුණ බව සංවිධායකයෝ පවසති.   


වයස අවුරුදු හතළිහේදී මිලානෝ නගරයට සංක්‍රමණය වීමත් සමගම ලෙනාඩෝ ඩා වින්චිට එවකට මිලානෝ හි වංශාධිපතියෙකු වූ ලුඩොවිකෝ මෝරෝගේ වාසල උත්සව සංවිධාන කටයුතු භාරවුණි. මෙම උත්සව වලට සහභාගී වූ කුළ කාන්තාවන් තුළ රූපයෙන් හා ඇඳුම් මෝස්තරවලින් එකිනෙකා පරයා යාමට තිබූ උමුතුව, ලෙනාඩෝ ඩා වින්චි රූපලාවන්‍ය ක්ෂේත්‍රය වෙත යොමු කළ බව කියැවේ.   


මේ කාලය තුළ ලෙනාඩෝ ඩා වින්චි අතින් මිලානෝහි කුළ කාන්තාවන් සඳහා කොණ්ඩා මෝස්තර, ඇඳුම් මෝස්තර පමණක් නොව, කණකර ආභරණ පවා නිර්මාණය විය. මෙම කොණ්ඩා මෝස්තර ආභරණ හා ඇඳුමින් සැරසුණු ඇතැම් කුළ කාන්තාවකගේ රූපය ලෙනාඩෝ ඩා වින්චි අතින් ම සිතුවමට නැගී, අද පවා ලොව ප්‍රසිද්ධ කලා කෞතුකාගාරවල තැන්පත්ව ඇත.   


කෙස් වර්ණගැන්වීම සඳහා මෙන්ම රූපලාවන්‍ය සඳහා ද ආලේපන ද, අනවශ්‍ය රෝම කූප ඉවත් කිරීම සඳහා ආලේපන ද, දීර්ඝ පර්යේෂණයන්ගෙන් පසුව ලෙනාඩෝ ඩා වින්චි විසින් නිපදවන ලද්දේ ලුඩොවිකෝ මො​්රෝ ගේ වාසල සේවය කරන කාලයේදී ය. ස්පිරිතු ලෙස පෙරාගත් ​ඖෂධ ශාක සාර වලින් සුවඳ විලවුන් පවා එවකට ලෙනාඩෝ අතින් නිෂ්පාදනය වී ඇත. මේ පිළිබඳව පර්යේෂණයන් කරන අතරතුර ඒ පිළිබඳව පත්ඉරු මත තබන ලද සටහන් තවමත් කෞතුගාරවල සුරැකිව ඇත.   


තම ශාස්තෘවරයාගේ විවිධ ගුණාංග සහ දක්ෂතාවන් තෙළිතුඩින් සිතුවමක් ලෙස හෝ ප්‍රතිමාවක් තුළින් හෝ පෙන්වාදීම පැරණි ආගමික කලාකරුවාට බරපතල අභියෝගයක් විය. ඔහු තම කතානායකයා ශිල්ප කීපයක නිපුන බව පෙන්නුම් කළේ ඒ ඒ ශිල්පීය මෙවලම් එක බැගින් අතට දී අත් කීපයක් සහිතව ප්‍රතිමාව හෝ සිත්තම නිර්මාණය කිරීමෙනි. විෂයන් කීපයක් පුරා විසිර තිබුණු බුද්ධිය සිතුවමකින් හෝ ප්‍රතිමාවකින් පෙන්වීම සඳහා පැරණි කලාකරුවා යොද‌ාගත්තේ හිස් (මුහුණු) කීපයක් සහිතව සිත්තම හෝ ප්‍රතිමාව නිර්මාණය කිරීමේ ක්‍රමවේදයයි.   


ලෙනාඩෝ ඩා වින්චි මහා සිත්තරෙකු බව කියා පෑමට මොනාලිසා හා ජේසුගේ අන්තිම රාත්‍රී භෝජනය සිතුවම් දෙක පමණක් ම වුවද ප්‍රමාණවත්ය. ඔහු තමන් විසින්ම නිපදවාගත් වාද්‍ය භාණ්ඩයක් වයමින් සමකාලීන පිළිගත් සංගීතඥයින් පවා පරාජයට පත් කළේය. ලෙනාඩෝ විසින් හෙළිකොප්ටරයක් නිපදවීම සඳහා පර්යේෂණ කරමින් තබන ලද සටහන් අඩංගු පත්ඉරු තවමත් කෞතුගාකාරවල සුරක්ෂිතව ඇත. ශබ්දය මෙන් ම රූපය ද තරංග ලෙස වා තළය ඔස්සේ ගමන්කරවා දුරබැහැර සිටින්නෙකුට එය ඒ ආකාරයෙන් ම දැකීමට ඇසීමට සැලැස්විය හැකි බව ඔහු කියා ඇත. අද ගුවන් විදුළිය හා රූපවාහිනිය ඔස්සේ සැබෑ වී ඇත්තේ ඒ සිහිනයයි. ඔහු මානව ශරීරයේ මාංශපේෂීන් ව්‍යුහය පිළිබඳව පර්යේෂණ පැවැත්වූ පර්යේෂකයෙකි. රූපලාවන්‍ය ඖෂධ නිපදවූ ඖෂධවේදියෙකි. මෝස්තර නිර්මාණ ශිල්පියෙකි. කවියෙකි. පැරණි සිත්තරා ඔහුගේ රුව සිත්තම් කළේ නම් ලෙනාඩෝ ඩා වින්චිට ද මුහුණු සයකි අත් දොළසකි. 

 
​(ලෙනාඩෝ ඩා වින්චි යයි කීවද, ඔහුගේ උප්පත්ති නාමය ලෙයොනාර්දෝ දි සෙර් පියෙරෝ ය. වින්චි යනු ඔහු උපත ලැබූ ගමේ නමය. ලෙයොනාර්ඩො ද වින්චි යන්නෙන් ද්වනිත වෙන්නේ වින්චි සිට පැමිණි ලෙයොනාර්දෝ යන්නය.)   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ගැස්කොන් ලාසරස් 
රෝමය, ඉතාලිය.

 



අදහස් (0)

ලෙනාඩෝ ඩා වින්චිට මුහුණු සයකි අත් දොළසකි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site