IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලෝකෙටම එකෙක් විලසින් ඉපදුන ඔබ හොඳ පොරක් බව දන්නවාද ?

 

ඔබේ නම ඇත්තෙකු මෙළොව කොහේ හෝ සිටීමට පුළුවන. ඔබේ බාහිර ස්වරූපයට සමාන තවත් කෙනෙකුන් ද මෙළොව කොතැනක හෝ සිටීමට බැරිම යැයි කීමට ද බැරිය. ඔබේ කටහඬ ද එසේ ම ය. එහෙත් ඔබේ නම බාහිර ස්වරූපය කටහඬ හා ගතිගුණ මේ සියල්ල කැටිකර ගත් කල, ඔබේ තවත් අනුකරණයක් මෙළොව කිසිම තැනක නැත. කොටින්ම ඔබේ ෆොටෝ කොපියක් මේ විෂ්වයේ තවත් තැනක නැත. ඔබ වැන්නකු ලොව පැවති තාක් කල් මිහිපිට සිට නැත. ඔබෙන් පසුව ද එය එසේ ම ය. එබැවින් ඔබ ඔබ ම පමණි.   


ජෛව චක්‍රයට අනුව කෘමියකුගෙන් පවා විෂ්වයේ යහ පැවැත්මට ඉටුවිය යුතු විශේෂ සේවාවක් ඇත. එය එසේ නම්, මනුෂ්‍යයකු වූ ඔබ ද මිහිපිටට පැමිණ ඇත්තේ කිසියම් විශේෂ කාර්යයකට ය. ඔබට සමාන කෙනෙකුන් මිහිපිට කිසිදා නොසිටියා මෙන්ම අනාගතයේ ද නොසිටින බැවින්, ඔබ සුවිශේෂී පුද්ගලයෙකි. ඔබ මෙහි පැමිණ ඇත්තේ සුවිශේෂී මෙහෙයකට ය. එය ඉටුවිය යුත්තේ ඔබෙන් ම ය.   

'
ඔබේ කතාවේ ප්‍රධාන චරිතය ඔබ ය. ප්‍රධාන චරිතය සැම විටම සැලසුම් සහගතව ගොඩනගා ගත්තක් විය යුතුය. සෙසු චරිත සැලසුම් රහිතව ගොඩනැගෙන බවක් මින් අදහස් කෙරෙන්නේ නැත. එහෙත් දහසක් චරිත අතර පවා ප්‍රධාන චරිතය කැපී පෙනෙන්නක් විය යුතුය. ප්‍රධාන චරිතය දියාරු චරිතයක් වේ නම්, මුළු කතාවම මළානික ස්වරූපයක් ගනී. කතාවේ ප්‍රධාන චරිතයට සුදුසු අයුරින් ඔබ හැඩගැසිය යුතු ය. මේ සඳහා ඔබ ඔබ පිළිබඳව ම සැලකිලිමත් විය යුතු ය. ඔබේ නියමිත තක්සේරුව ඔබ ම දැන සිටිය යුතුය.   


සෑම කතාවකම ප්‍රධාන චරිතය සතු විශේෂ කාර්යභාරයක් ඇත. මිහිපිට මීට පෙර නොසිටියාවූ ද, මින් පසු කිසිවිටෙකත් නොසිටින්නාවූ ද ඔබ සතුව විශේෂ කාර්යභාරයක් නැතැයි කිසිවිටෙකත් කිසිවකුටත් කිව නොහැකිය. එම කාර්යය ඉටුකිරීම සඳහා ඔබේ ගතිගුණ පමණක් නොව ඔබේ ස්වරූපය පවා ප්‍රධාන චරිතයකට සුදුසු අන්දමින් ගොඩනගා ගැනීමේ වගකීම ඔබ සතුය. මෙතැනදී ඔබ, ඔබ පිළිබඳව සිතීම ආත්මාර්ථකාමී බව හෝ අන්‍යයන් අවතක්සේරුවකට භාජනය කිරීමක් ලෙස නිර්වචන නොකෙරේ. සෙසු චරිත පිරි පසුබිමක මිස ප්‍රධාන චරිතයක් ගොඩනැගෙන්නේ නැත. එබැවින් මිනිසුන් අතරින් මිදී හුදකලා වූ කිසිවකුට ප්‍රධාන චරිතයක් වීමට බැරිය. තමන්ට නියමිත කාර්යභාරය ඉටුකිරීම සඳහා මිනිසුන් අතරම රැඳී සිටිය යුතුය. ඒ අතරම ඔබ හුදකලා විය යුතු අවස්ථාවන් ද නැතුවාම නොවේ. ඔබේ චරිතය පිළිබඳව නිවැරදි තක්සේරුවක් කිරීමට නම්, ඔබ ඔබ සමගම කතාබහ කළ යුතු වේලාවක් ද තිබිය යුතු ම ය. එය සාර්ථකව කළ හැකි වෙන්නේ හුදකලා වූ විට පමණි.   


ප්‍රධාන චරිතය තුළ මනා පෞරුෂත්වයක් තිබිය යුතුය. ඔබ සතු පෞරුෂත්වය ලොවට පෙන්වීමේදී එය රංගනයක් නොවිය යුතුය. ඔබේ පෞරුෂත්වය රංගනයක් පමණක් වේ නම්, එයින් එම චරිතය සාර්ථක නැති බව කියාපායි. එය ස්වභාවික ද නැත. මනා පෞරුෂත්වයෙන් තොර ප්‍රධාන චරිතය හාස්‍යජනක ය. ඔබ ඔබට ගැලපෙන අයුරින් මනා පෞරුෂත්වයක් ගොඩනගා ගත යුතුය.   


සමාජය වෙත ඔබේ කාර්යය ඉටු කිරීමට නම්, ඔබ සමාජයට බලපෑමක් කළ හැකි කෙනෙකු විය යුතුය. බලපෑමක් කිරීම පීඩනය දක්වා වර්ධනය නොවිය යුතු බව අමතක කිරීම සුදුසු නැත. බලපෑමේ සීමා මායිම් කඩා වැටුණු කල, එතැන බිහිවෙන්නේ ආඥාදායකත්වයයි. පීඩනයයි.   


ඔබ මෙන්ම ඔබට පෙර මෙළොවට පැමිණි බොහෝ දෙන තමන් පැමිණි කාර්යය නිසි ලෙස ඉටුකර තබා ගිය සළකුණු ඇතැම් විටෙක අපට අමතකව ඇතුවා මිස, ඒවා මැකී ගොස් නැත. මානව සංහතිය මෙතෙක් පැමිණි ගමනේ ඒ මං සළකුණු බොහෝ ය. ඒ සළකුණු තබාගිය වුන්ගේ නම් අමරණීය වී ඇත්තේ ඔවුන් පැමිණි කාර්යය නිසි ලෙස ඉටු කළ නිසා ය. කුණු කය දිරුව ද නාමය දිරායන්නේ නැත. ඔබ කොතැනක උපත ලැබුවද, ඔබේ සමාජ තත්ත්වය කෙසේ වුවද, අමරණීය නාමයක් තබා යාමට නොහැකියාවක් ඔබට නැත. ඔබ වැන්නකු මෙළොව පැවති තාක් කාලයකට මිහිපිට සිට නැත. ඔබෙන් පසුව ද ඔබ වැන්නකු මිහිපිටට කිසිදා පැමිණෙන්නේ ද නැත. විෂ්වය පවතින තාක් කාලයකට ඔබ වැන්නකු තවත් නැත. ඔබ ඔබම පමණි. ඔබට මිහිපිට විශේෂ කාර්යයක් පැවරී ඇත. එය නිවැරදිව ඉටු කිරීමට නම්, ඔබ “හොඳ පොරක්” බව ඔබම තේරුම් ගතයුතු ය.   

 

 

 


චාපි කෝසලා 
මියුනිච්, ජර්මනිය.



අදහස් (0)

ලෝකෙටම එකෙක් විලසින් ඉපදුන ඔබ හොඳ පොරක් බව දන්නවාද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 781 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2426 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site