IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


​රෝම ශාක්‍යමුණි විහාරයේ වස්වසන සමය ඇර​ෙඹයි

දුෂ්කරව දුර්ලභව ලැබූ අප මනුෂ්‍ය ජීවිතය තණ අග පිණි බිඳුවක් වැන්න. පින් කුසල් මහිමයෙන් අප ලැබූ මිනිස්බව භාග්‍යයක් ලෙස අප සිතා අප ජීවත්වෙන කෙටි කාලය තුළ දීර්ඝ වූ සංසාර ගමන කෙටිකර ගැනීම සඳහා අප පින් කුසල් රැස්කර ගත යුතුය. එම වාසනාව උදාකර ගත හැකි කාලය මේ වස්සාන කාලයයි.   


වසරකට එක් වරක් පමණක් පින් කුසල් රැස්කර ගත හැකි වස් කාලය වස් තුන්මාසය බෞද්ධ පින්වතුන්ට බොහෝවන් වටිනා පින්බර වූ කාල වකවානුවකි. ඒ අනුව කඨින චීවර පූජාව සඳහා උපසපන් භික්ෂූන් වහන්සේලා වෙත වස් ආරාධනාව ඇසළ මස එනම් ජූලි මස 22 වැනි ඉරුදින සවස රෝම ශාක්‍යමුණි විහාරයේදී සැදැහැවත් බෞද්ධ දායක පින්වතුන් රාශියකගේ සහභාගිත්වයෙන් සිදු කළා.   


​ෙරා්ම ශාක්‍යමුණි විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්ධත්ථ ස්වාමීන් වහන්සේට ඉතාමත් ගෞරවයෙන් යුතුව ශාක්‍යමුණි විහාරයේ ගරු භාණ්ඩාගාරික චමින්ද රන්දුණු මහත්මා විසින් වස් තුන් මාසය තුළ සිවුපසයෙන් ඇප උපස්ථාන කරන බවටත් දානමාන නොඅඩුව සපයා සුවදුක් සොයා බලන බවටත් සපථ කරමින් අපූරු වාක්‍යයක් දායක පින්වතුන් සමග හඬනගා කියවා වස් ආරාධනාව සිදු කළ අතර ප්‍රධාන දායක පින්වතෙක් වූ කුමාර මහත්මා විසින් බුලත් වට්ටියක් පූජා කර වස් ආරාධනාවට එකතු විය.   

 

 


මල් පහන් ගිලන් පස ඇතුළු සම්බුදු බෝධි පූජාවක් ද පැවැත් වූ අතර පින් කුසල් රැස්කර ගැනීමට කැමැති බෞද්ධ පින්වතුන් රාශියක් එයට සහභාගි වූහ.   

 

 


ප්‍රේමා කංකානම්ගේ   
ඡායාරූප- අනුරුද්ධි සිල්වා   
රෝමය - ඉතාලිය.   



අදහස් (0)

​රෝම ශාක්‍යමුණි විහාරයේ වස්වසන සමය ඇර​ෙඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site