IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රෝම ශාක්‍යමුණි විහාරයේ කඨින පූ​ෙජා්ත්සවය

ඇසළ පුන් පොහොයෙන් ආරම්භ වුණු වස් තුන් මාසය තුළ සෑම උපසම්පදා බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්ම වස් සමාදන් වීමේ විනය ප්‍රතිපත්තියට ගරු කරමින් රෝම ශාක්‍ය මුණි විහාරයේ මහා සංඝරත්නයද දායක පින්වතුන් විසින් සිදුකළ වස් ආරාධනාවට අනුව තුන්මාසයක් පුරාවට සිල්වත්ව වැඩ විසූ මහා සංඝරත්නයට ඉතාමත් ගෞරවාන්විතව මහත් හරසරින් පෙරහරින් කඨින චීවරය වඩම්මවා සෙත් පිරිත් සජ්ජායනා මැද ඔක්තෝබර් 21-22 යන දෙදින තුල VIA DON CARLO GNOCCI 70 BOCCEA දේවස්ථාන ශාලාවේදී කඨින පූජෝත්සවය සිදුකළහ. 


21 වැනි සෙනසුරාදා සවස 7 ට අලංකාරව සකස් කළ පිරිත් මණ්ඩපයක මහා සඟරුවන 8 නමක් විසින් ඉතාමත් සුමධුර වූ දහම් හඬින් පිරිත් දේශනාවක් පැවැත්වූහ. 22 වැනි ඉරු දින පෙරවරු 9 ට කඨින චීවරය සමග සම්බුදු රුවක් අලංකාරවූ මල් ආසනයක තැන්පත් කර වඩා හිඳුවා වීදි සංචාරය කළ අතර ධජ සේසත් බෞද්ධ කොඩි සමග මල් පෙරහරකින් කඨින චීවරය ශාලාවට වඩම්මවා දහවල් සම්බුද්ධ බුද්ධ පූජාවක්ද පැවැත්වූහ. 


ඉන් අනතුරුව ශාක්‍ය මුණි විහාරයේ උපාසක උපාසිකාවන් සකස් කරගත් දහවල් දානය මහා සංඝරත්නයට පූජා කළහ. මෙම උතුම් පිංකම සඳහා සූරික් බෞද්ධ විහාරාධිපති පූජ්‍යපාද කරුවලගස්වැව අනුරුද්ධ හිමි, ෆිරෙන්සි සමාධි විහාරාධිකාරී පූජ්‍ය ලංකා තිලකයේ අරියධම්ම හිමි, කෝමෝ ඉසිපතන භාවනා මධ්‍යස්ථානාධිපති වංගියකුඹුරේ ඤාණවිමල හිමි, මෙස්සීනා සිරිලක් සම්බුදු විහාරාධිපති උලුක්කුලමේ ධම්ම කුසල හිමි, රෙජියෝ කලාබ්‍රියා සාන්ත බුද්ධ විහාරාධිකාරී ලියන්වල උදිතසිරි හිමි, මෙස්සිනා බෞද්ධ විහාරාධිපති කතරගම සුධීරානන්ද හිමි, ශ්‍රී ලංකාවේ සිට වැඩම කළ දෙල්ගොඩ කල්‍යාන ප්‍රදීප විද්‍යායතන පිරිවෙන් පරිවේනාධිපති මොරගොල්ලේ ධම්ම වංශ හිමියන්ද ඇතුළු මහා සඟරුවන 8 නමක් වැඩම කරවා තිබූ අතර ශාක්‍ය මුණි විහාරයේ ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්ධත්ථ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මැද මෙම උතුම් පිංකම සිදුකළහ. 

 

මහා සංඝරත්නයට දානය පිරිනැමීමෙන් පසු මල් වට්ටි වෙන්දේසියද පැවැත්වූ අතර ඉන් අනතුරුව මහා බත් දන්සැලටද විශාල පිරිසක් සහභාගි වූහ. 


මෙම උතුම් පුණ්‍යෝත්සවයට ඉතාලි ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල මහතා හා එම මැතිනියද නියෝජ්‍ය තානාපති රෝහණ අඹගොල්ල මහත්මා සහ මැතිනියද දරු දෙදෙනාද සහභාගි වී සිටියහ. 


ප්‍රේමා කංකානම්ගේ 
​ෙරා්මය



අදහස් (0)

රෝම ශාක්‍යමුණි විහාරයේ කඨින පූ​ෙජා්ත්සවය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site